Home අද අපි බලය ගත්ත ගමන් භාණ්ඩ මිල අඩුකිරීම සහ වැට් බදු අඩුකිරීම වගේ...

අපි බලය ගත්ත ගමන් භාණ්ඩ මිල අඩුකිරීම සහ වැට් බදු අඩුකිරීම වගේ මෝඩ තීරණ ගත්තේ නෑ – ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර

90
0

ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට ආව ගමන් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩුකිරීම සහ වැට් බදු අඩුකිරීම වැනි මෝඩ වැඩ කලේ නැති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පැවසීය.

වෙනත් ආණ්ඩු බලයට පැමිණි ගමන් වැට් බදු අඩු කිරීම්, භාණ්ඩ මිල අඩු කිරීම්, රාජ්‍ය සේවයට සේවකයින් බඳවා ගැනීම් ආදිය සිදු කරමින් ආර්ථික අර්බුදයකට රට තල්ලු කලා මෙන් වත්මන් ආණ්ඩුව එලෙස මෝඩ ලෙස කටයුතු නොකර නිසි සැලසුමකට අනුව ආර්ථිකය ශක්තිමත් කිරීමට කටයුතු කළ බව ඒ මහතා සඳහන් කළේය.

ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව සඳහන් කළ අරුණ ජයසේකර මහතා ගෙවුණ කෙටි කාලය තුළ නිසි කළමනාකරණයකින් ආණ්ඩුව කටයුතු කළ නිසා රටේ ආර්ථික වර්ධනයක් ඇති කර ගැනීමට හැකි වී තිබෙන බව පෙන්වා දුන්නේය.

“අපේ ආණ්ඩුව බලයට පත් වූ පසු අපේ මූලික අරමුණ වුණේ රටේ ආර්ථික ස්ථාවර භාවයක් ඇති කිරීමයි. එය අපි ආරම්භ කලා එහෙම නැතුව පසුගිය රජයන් කළා වගේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කරන්න, වැට් අඩු කරන්න ගියේනැහැ. ඒ මෝඩ තීරණ අපි ගත්තේ නැහැ. එහෙම වුනා නම් ආර්ථික අර්බුදයකට මුල පිරීමට ඉඩ තිබුණා.

අපි ඉතාම ප්‍රවේසමින් සැලසුම් සහගතව කරුණු කාරණා සහිතව සාකච්ඡා කර සෑම ක්ෂේත්‍රයකම විද්වත් උපදෙස් මත හොඳ මාර්ගයක් හදාගත්තා එය තමයි අපේ පළමු කාර්යය වුණේ එහෙම නැතුව ආණ්ඩුව ආව ගමන් අමාත්‍යාංශ වල රැකියා ලබාදෙමින් කටයුතු කළා නම් ආර්ථිකය කඩා වැටෙනවා

අපේ ආණ්ඩුව බලයට පත්වන විට රටේ ආර්ථිකය කඩාවැටී තිබුණා. එවැනි තත්ත්වයක සිට අද තියෙන තැනට ආර්ථිකය ගෙන ඒමට හැකිවීම ගැන හැමෝම සතුටු විය යුතුයි. මෙවර අපි ඉදිරිපත් කලේ අල . ලූණු. පිටි. සීනි. අයවැයක් නොවෙයි. මෙය සමස්ත ක්ෂේත්‍රයට ප්‍රතිලාභ ගෙන දෙන ආකාරයේ අයවැයක් “…යැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය

Previous articleශම්මිට ICC යේ කමිටු තුනක් !
Next articleගෝඨාභය සමයේ පැවරූ නඩුවකට SM රංජිත්ට වසර 16 ක බරපතළ වැඩසහිත සිරදඬුවම්!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here