Home අද ගෝඨාභය සමයේ පැවරූ නඩුවකට SM රංජිත්ට වසර 16 ක බරපතළ වැඩසහිත සිරදඬුවම්!

ගෝඨාභය සමයේ පැවරූ නඩුවකට SM රංජිත්ට වසර 16 ක බරපතළ වැඩසහිත සිරදඬුවම්!

207
0

අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනා යටතේ ගොනු කර තිබූ චෝදනා වලට වරදකරු කළ උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන යන විත්තිකරුවන්ට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩසහිත වසර 16 බැගින් සිරදඬුවම් නියම කළේය.

ඊට අමතරව විත්තිකරුවන්ට රුපියල් ලක්ෂ දෙක බැගින් දඩ ද නියම වුණි.

උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ නීතියට පටහැනි ලෙස ඉන්ධන දීමනා ලෙස රුපියල් 2,080,500ක් ලබාගැනීම තුළින් දූෂණය නැමැති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් මෙම විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් එම නඩුව ගොනුකර තිබුණි.

මෙම නඩුව ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ ගොනුකර (2021/07/17) තිබූ නඩුවක් වන අතර දීර්ඝ කාලයක් පැවති නඩු විභාගයකින් අනතුරුව මෙලෙස හිටපු මහා ඇමතිවරයා සහ පෞද්ගලික ලේකම්වරියට මෙම නියෝගය ලබාදෙන ලදී.

Previous articleඅපි බලය ගත්ත ගමන් භාණ්ඩ මිල අඩුකිරීම සහ වැට් බදු අඩුකිරීම වගේ මෝඩ තීරණ ගත්තේ නෑ – ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර
Next articleරාජ්‍ය මුදල් අවභාවිත කළ රාජ්‍ය නිලධාරීන් තුනක් රක්ෂිත බන්ධනාගාරයට !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here