Home අද රාජසන්තක කළ රුපියල් කෝටි 25ක මැණික් මල්ලක් නීති විරෝධී ලෙස මුදා හැරීම...

රාජසන්තක කළ රුපියල් කෝටි 25ක මැණික් මල්ලක් නීති විරෝධී ලෙස මුදා හැරීම – කොප් කමිටුවේ අනාවරණය!

46
0

රාජසන්තක කරන ලද රුපියල් කෝටි 25ක මැණික් මල්ලක් නීති විරෝධී ලෙස මුදාහැර ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) අනාවරණය කරගෙන ඇත.

මෙම මැණික් මල්ල මුදා හැරීම සඳහා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ කිසිදු අනුමැතියක් ලැබී නැති බව එහිදී අනාවරණය කරගෙන තිබේ.

මේ සම්බන්ධ පූර්ණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බව පවසනය කෝප් කමිටුව රුපියල් කෝටි 25 ක මැණික් මල්ල මුදා හැරීමේ සිද්ධියේදී මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සිය වගකීම පැහැර හැර ඇති බව කෝප් කමිටුව පෙන්වා දෙයි.

පසුගිය රජය යටතේ සිදු කර තිබෙන මෙම සිද්ධියට අමතරව එවකට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ප්‍රධානීන් “ලාස්වේගාස් ” මැණික් ප්‍රදර්ශනයට යෑම සඳහා රුපියල් ලක්ෂ 61 ක මුදලක් වැය කර ඇති බව කෝප් කමිටුව අනාවරණය කරගෙන තිබේ.

Previous articleආණ්ඩුවේ ගමන සාර්ථකද නැද්ද යන්න ජනතාව මැයි 6 තීරණය කරයි – නිලන්ති කොට්ටහච්චි !
Next articleඑක්සත් ජාතික පක්ෂයේ උපනායක ධූරයට හිටපු අමාත්‍ය අකිල!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here