Home අද එක්සත් ජාතික පක්ෂයේ උපනායක ධූරයට හිටපු අමාත්‍ය අකිල!

එක්සත් ජාතික පක්ෂයේ උපනායක ධූරයට හිටපු අමාත්‍ය අකිල!

47
0

හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් කිරීම සිදුකර තිබේ. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී (01) පැවති එම පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී අකිල විරාජ් කාරියවසම් මහතා පක්ෂයේ උප නායක ධූරය සඳහා පත්කිරීම නිල වශයෙන් අනුමත කළේය.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එහිදී පක්ෂයේ සෙසු තනතුරු සඳහා පුද්ගලයින් පත් කිරීම සහ ඉදිරි වැඩ කටයුතු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී.

ඉදිරි පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත්වන අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සඳහා රට පුරා ප්‍රධාන රැස්වීම් පැවැත්වීම සහ එහිදී ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවය, පොරොන්දු ඉටු නොකිරීම, ජීවන වියදම ඉහළ දැමීම, තවදුරටත් ආණ්ඩුව බොරු පොරොන්දු ලබාදීම වැනි කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් ජනතාව දැනුවත් කළ යුතු බවට යෝජනා විය.

මැතිවරණ ව්‍යාපාරය දියත් කිරීම මෙන්ම එහි වගකීම් පක්ෂයේ ප්‍රධානීන් අතර බෙදා දීම වැනි කරුණු පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

Previous articleරාජසන්තක කළ රුපියල් කෝටි 25ක මැණික් මල්ලක් නීති විරෝධී ලෙස මුදා හැරීම – කොප් කමිටුවේ අනාවරණය!
Next articleඑදා සාම්පූර්ට විරුද්ධ වූ ජවිපෙ – NPP නායකයන්ට අද එය ආරම්භ කරන්න වෙලා : එදා කිව්වේ බොරු බව දැන් පිළිගන්න !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here