රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධුරයෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාව එළැඹෙන 8 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කථානායක ජගත් වික්‍රමරත්න දැනුම්දී ඇත.
වාර්තා වන ආකාරයට කථානායකවරයා මේ දැනුම්දීම සිදුකර තිබෙන්නේ පාර්ලිමේන්තුවේ අද (02) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී ය.
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර ඊට සහාය දෙන බවට විපක්ෂය වෙතින් ද දැනුම්දී ඇත.
කෙසේවෙතත් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති අතුරු තහනම් නියෝගයක් හේතුවෙන් මෙම යෝජනාවේ ගැටළුවක් ඇති බවට නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් අතර විවාදයක් ද මතුව තිබේ