Home අද සූර්ය විදුලි බල උත්පාදන කර්මාන්තය සම්පූර්ණයෙන් බිඳ දැමීමේ කුමන්ත්‍රණයක් !

සූර්ය විදුලි බල උත්පාදන කර්මාන්තය සම්පූර්ණයෙන් බිඳ දැමීමේ කුමන්ත්‍රණයක් !

62
0

බලය මඟින් උත්පාදනය කරන විදුලි බලය සඳහා ගෙවන ගාස්තු අඩු කිරීමට මාර්තු 18 වන දින කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත් (මෙගාවොට් 1ට වැඩි බලාගාර සඳහා රු. 14.46, ගෘහස්ථ පියසි සඳහා රු. 19.61), මෙය රු. 40-50 ගණන්වලට තාප බලාගාරවලින් විදුලිය නිපදවන විට සූර්ය බල කර්මාන්තය සම්පූර්ණයෙන්ම බිඳ දැමීමේ උත්සාහයක් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක චෝදනා කරයි.

පසුගිය වසරේ (2024) හරිත බලශක්තියෙන් ගිගාවොට් පැය 2670ක් ජනනය කර, එමගින් ඩොලර් මිලියන 260ක් (රු. බිලියන 78ක්) රටට ඉතිරි කර දී ඇති පසුබිමක, “ගල් අඟුරු මාෆියාව හා තෙල් මාෆියාව” විසින් මෙම හරිත බලශක්ති ප්‍රවර්ධනය ආපසු හැරවීමට උත්සාහ දරන බවත්, වත්මන් ජනාධිපතිවරයාගේ පත්වීමෙන් පසු පත් වූ උපදේශකයන් මෙයට වගකිව යුතු බවත් හිටපු මන්ත‍්‍රීවරයා අවධාරණය කරයි.

මාධ්‍ය හමුවක් පවත්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මෙම අදහස් දක්වා සිටියේය.

“වහාම රජය මේ තීරණ ආපසු හරවා මේ හරිත බලශක්ති ප්‍රවර්ධනය සඳහා පියවර ගත යුතුයි… එහෙම නොවුණොත් ඉදිරි කාලයේදී මේවායේ තවත් සියුම් කාරණා හෙළිදරව් කරන්න අපි පසුබට වෙන්නේ නැහැ,” යැයි එක්සත් ජනරජ පෙරමුණේ නායකයා අවධාරණය කළේය.

මෙහිදී “සූර්ය බලය විසි හතරට වඩා අඩුවෙන් දුන්නයි කියලා පාරිභෝගිකයාට විශේෂ හානියක් වෙන්නේ නෑනේ?” යනුවෙන් මාධ්‍යවේදියෙකු ප්‍රශ්නයක් යොමුකළ අතර ඊට ප්‍රතිචාර දක්වමින් හිටපු මන්ත‍්‍රීවරයා මෙසේද සඳහන් කළේය .

පාරිභෝගිකයාට අඩුවෙන් දෙන්න පුළුවන් වෙන්න එපෑ. දැන් මොකද වෙලා තියෙන්නේ? මේ නිකන් ලැබෙන බලශක්තිය කප්පාදු කරලා මොකක්ද මේගොල්ලෝ ගේන විකල්පය? මේ කාලේ හුඟක් වැඩියි විදුලිබල ඉල්ලුමත්. මේ උණුසුමයි, උත්සව සමයයි නිසා. මොකෙන්ද මේ විදුලිය දෙන්න යන්නේ? තෙල් වලින් ගල් අඟුරුවලින්. කොහොමද විදුලි පාරිභෝගිකයාට ඒක වෙන්නේ? ඒකයි මම පෙන්නුවේ. පහුගිය පෙබරවාරි මාර්තු වල කෝටි එක්දාස් හාරසීයකින් ජනන වියදම් වැඩිවෙලා තියෙනවා තාප බලාගාර වල.

Previous articleරාජ්‍ය මුදල් අවභාවිත කළ රාජ්‍ය නිලධාරීන් තුනක් රක්ෂිත බන්ධනාගාරයට !
Next articleබුද්ධ ශාසන ඇමති-ලේකම් දෙන්නම බෞද්ධ නෙමෙයි : විමල් කට අරියි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here