Home අද මර්වින් සිල්වා 24 දක්වා නැවතත් ඇතුලට !

මර්වින් සිල්වා 24 දක්වා නැවතත් ඇතුලට !

2
0

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මාර්තු 24 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය අද (17)නියෝග කර තිබේ.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර විකුණූ බව කියන සිද්ධිය සම්බන්ධ චෝදනා මත හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් පසුගිය 05 වන දින අත්අඩංගුවට ගනු ලැබීය.

එදින මහර මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 17 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර අද නැවත වරක් ලබන මාර්තු 24වනදා දක්වා ඔහුව බන්ධනාගාර ගතකරන ලෙස අධිකරණය නියෝග කර තිබේ.

Previous articleභාණ්ඩ ප්‍රවාහනයට මිනිසුන් රහිත ගුවන් යානා !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here