Home අද පුංචි ඡන්දයේ නාම යෝජනා භාර ගැනීම අද (17) සිට !

පුංචි ඡන්දයේ නාම යෝජනා භාර ගැනීම අද (17) සිට !

7
0

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීම අද (17) ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

ඒ අනුව අද සිට මාර්තු 20 වනදා මධ්‍යහ්න 12.00 දක්වා නාමයෝජනා භාරගැනීම සිදුවේ.

පළාත් පාලන ආයතන 336ක් සඳහා නාමයෝජනා භාරගැනීම මෙලෙස අද දිනයෙන් ආරම්භ වන අතර නාමයෝජනා භාරගැනීම අවසන් වීමෙන් පසු මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවද මැතිවරණ කොමිසම පවසයි .

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමද අද මධ්‍යම රාත්‍රී 12.00 න් අවසන් වේ.

මෙතෙක් ඒ සඳහා අයදුම් නොකළ සුදුසුකම් ලත් අයදුම්කරුවන්, සිය තැපැල් ඡන්ද අයදුම්පත් තැපෑලට භාරදීමෙන් වැළකී තම ආයතනය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට ගෙනැවිත් භාරදෙන ලෙසයි මැතිවරණ කොමිසන් සභාව දැනුම් දෙයි.

අදින් ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාග කටයුතු සඳහා බාධාවක් නොවන ආකාරයෙන් නාමයෝජනා භාරදීමේ කටයුතු සිදුකරන ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටියි.

Previous articleඅද අලුයමත් වෙඩි තැබීමක්
Next articleආණ්ඩුව පාලනයකින් තොර බව පාතාල කල්ලිත් තේරුම් අරගෙන – චම්පික

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here