Home අද රට කැළඹූ වැලිගම W 15 හෝටලයේ වෙඩි තැබීම : සෙසු සැකකරුවන් අත්අඩංගුවට...

රට කැළඹූ වැලිගම W 15 හෝටලයේ වෙඩි තැබීම : සෙසු සැකකරුවන් අත්අඩංගුවට නොගැනීමට හේතු හෙළිවෙයි !

5
0

වැලිගම ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකට අදාළ සැකකරුවන් වශයෙන් ධුරයේ රාජකාරී අත්හිටුවන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ තවත් සැකකරුවන් 06දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙසට නිකුත්කර තිබූ නියෝගයට අදාළව නීතිපතිවරයා විසින් සිදුකළ දැනුම්දීමක් පිළිබඳව තොරතුරු වාර්තා වෙයි.

මේ සම්බන්ධව පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිවේදනයක් නිකුත් කර ඇති අතර එහි සඳහන් වන්නේ , අභියාචනාධිකරණයේදී ඇතිකර ගත් එකඟතාව මත මූලික විමර්ශන අවසන් වනතෙක් කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇතුළු සැකකරුවන් 06දෙනා අත්අඩංගුවට නොගන්නා ලෙසට නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදුන් බවයි.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමෙන් පසු ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙසට නීතිපතිවරයා උපදෙස් දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සිය නිවේදනයෙන් දන්වා සිටියි.

මාතර මහෙස්ත්‍රාත් අධිකරණය පසුගියදා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළුව මෙම සැකකරුවන් 06 දෙනා අත්අඩංගුවට ගන්නා ලෙසට නියෝගයක් නිකුත්කර තිබුණි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි .

Previous articleපළාත් පාලන ජන්දයේ නාම යෝජනා කැන්සල් වෙන්නේ මෙහෙමයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here