Home අද බටලන්ද කොමිසම් වාර්තාව සභාගත කරද්දී කතානායක හඬයි, සභාවම නිහඬයි

බටලන්ද කොමිසම් වාර්තාව සභාගත කරද්දී කතානායක හඬයි, සභාවම නිහඬයි

294
0

සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා

එහිදී බිමල් රත්නායක මහතා පවසා සිටියේ අදාළ වාර්තාව සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් සිදුකරන බවය.

මෙම බටලන්ද වාර්තාව ගැන කටයුතු කිරීමට ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවද එහිදී අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

ඒ අනුව මෙම වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කිරීමට තීරණය කර තිබේ.

මෙම කොමිෂන් සභා වාර්තාව පිළිබඳව ඉදිරි කටයුතු කිරීම සඳහා උපදෙස් යෝජනා කිරීමටත් ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් පත් කිරීමටත් තීරණය කර ඇත.

එය ඉදිරිපත් කර අවසන් වන විට සභානායක වරයා සහ කතානායකවරයා ඉතාමත් සංවේදී වන ආකාරය දක්නට ලැබුනා.

Previous articleසටන් විරාමයක් සඳහා පුටින්ගෙන් කොන්දේසි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here