ශ්‍රී ලංකාවේ විදේශීය තානාපති කාර්යාල හතරක් ඔවුන්ගේ කාර්යාල පවත්වාගෙන යෑම සඳහා අමාත්‍ය නිල නිවාස ලබාදෙන ලෙස රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.
එසේම විශ්ව විද්‍යාල නේවාසිකාගාර සඳහාද එම නිල නිවාස ඉල්ලා ඇති බවට තොරතුරු වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ ලේකම් ආලෝක බණ්ඩාර මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ, මෙම අමාත්‍ය නිල නිවාස සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ කමිටුවේ වාර්තාව කැබිනට් මණ්ඩලයට පසුගියදා ඉදිරිපත් කළ බවත් ඒ අනුව අමාත්‍ය මණ්ඩලයේ තීරණය තව නොබෝ දිනකින් දෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි