Home අද ඡන්දය ප්‍රකාශ කිරීමට විද්‍යුත් යන්ත්‍රයක් !

ඡන්දය ප්‍රකාශ කිරීමට විද්‍යුත් යන්ත්‍රයක් !

3
0

වවුනියාව විපුලානන්ද දෙමළ මහා විද්‍යාලයේ ශිෂ්‍යයකු විසින් ඡන්දය ප්‍රකාශ කිරීම ඉතා පහසුවෙන් සිදුකළ හැකි ආකාරයේ ඉලෙක්ට්‍රොනික් යන්ත්‍රයක් නිපදවා තිබෙන බව වාර්තා වේ.

එම පාසලේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන කපිලන් බවාන් නමැති මෙම ශිෂ්‍යයා විසින් නිපදවන ලද ඡන්දය ප්‍රකාශ කිරීමේ යන්ත්‍රය මගින් ඉතා නිවැරදිව හා ගැටලුවක් නොමැති ආකාරයට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාව තිබෙන බවත්, ඡන්දය ප්‍රකාශ කරනු ලබන පුද්ගලයාට කිසිදු අවස්ථාවක ඡන්ද එකකට වඩා වැඩි ගණනක් භාවිත කිරීමට නොහැකි වන ආකාරයට ඇඟිල්ල පාට කිරීමේ සිට තවත් ආරක්ෂණ ක්‍රමවේද කීපයක් මෙම ඉලෙක්ට්‍රොනික යන්ත්‍රය මගින්ම සිදු කරනු ලබන බවද වාර්තා වේ.

එම යන්ත්‍රය නිපදවූ ශිෂ්‍යයාගේ ඉල්ලීම මත විදුහලේ විදුහල්පතිවරයා හා ආචාර්ය මණ්ඩලය එම යන්ත්‍රය වවුනියාව දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් එස්. අමල්රාජ්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ඇතුළු අධ්‍යාපන බලධාරීන්ට විදුහලේදී ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර තිබේ.

මෙම ඉලෙක්ට්‍රොනික ඡන්දය ප්‍රකාශ කිරීමේ යන්ත්‍රය ජාතික මට්ටමින් හඳුන්වා දීමටත්, ඉදිරි මැතිවරණ වලදී එවැනි යන්ත්‍රයක් ශ්‍රී ලංකාව තුළ භාවිත කිරීමට හැකියාවක් ඇද්දැයි යන්න සොයා බැලීමටත් අදාළ අංශ සමග සාකච්ඡා කිරීමට වවුනියාවේ රාජ්‍ය නිලධාරීන් පියවර ගෙන තිබෙන බවද වාර්තා වේ.

Previous articleගංවතුර පාලනයට ගතහැකි සෑම පියවරක්ම ගන්න – ජනපති ලේකම්ගෙන් නිලධාරීන්ට උපදෙස්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here