Home අද ජවිපෙ, රනිල් වික්‍රමසිංහ සමග එක්ව, ජවිපෙ සාමාජිකයන් සමූල ඝාතනය කල ෆොන්සේකාව ජනාධිපති...

ජවිපෙ, රනිල් වික්‍රමසිංහ සමග එක්ව, ජවිපෙ සාමාජිකයන් සමූල ඝාතනය කල ෆොන්සේකාව ජනාධිපති බවට පත් කරන්නට උත්සාහ කල බව ඔබට මතකද ..? – නන්දන ගුණතිලක

4
0

“87 – 90 ජවිපෙන් කල සියලු ඝාතනවලට මා ඇතුළු එවකට අවි දැරූ සියල්ලන්ට දඬුවම් කරණු..!!!” මැයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක සිය ෆේස්බුක් ගිනුමේ තැබූ සටහනක් සම්බන්ධව සමාජ මාධ්‍ය තුළ දැඩි අවධානයක් යොමුව තිබේ.

බටලන්ද කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තු සභාගත කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව ප්‍රසිද්ධ වීමත් සමඟ ඔහු මෙම සටහන තැබීමය.

වඩාත් විශේෂ සිදුවීමක් වන්නේ නන්දන ගුණතිලක ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දේශපාලන මණ්ඩල සාමාජිකයකු සහ එහි ජනාධිපති අපේක්ෂකයකු වීම පමණක් නොව, 88-89 අවධියේ ජවිපෙ සන්නද්ධ අංශ නායකයකු ලෙසද ප්‍රසිද්ධව තිබීමය.

කෙසේ වුවත් මෙකී සටහන තැබීමත් සමඟ ජවිපෙ හිතවාදි සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ඒ මහතා සම්බන්ධව විවේචන අරඹා ඇති නමුත් ඒ සම්බන්ධවද අතිශය දේශපාලනික ප්‍රතිචාර කිහිපයක්ම නන්දන ගුණතිලක මහතා විසින් දක්වා තිබේ.

No description available.

……..
මට එරෙහිව ලියා ඇති සියළු දෙනාට.
1. සාධාරණ මිනීමැරුම් මොනවාද..?
සාධාරණ නොවන මිනීමැරුම් මොනවාද..? මිනීමැරුම් සාධාරණ යැයි ඔබ කියන්නේ කවර කාරණයකට / කාරනාවලට සාපේක්ෂවද..?

2. 2010 දී , 1989 න් පසුව පළමු වතාවට , ජවිපෙ , රනිල් වික්‍රමසිංහ සමග එක්ව , ත්‍රිකුණාමලයේදී ජවිපෙ සාමාජිකයන් සමූලඝාතනය කල ෆොන්සේකාව ජනාධිපති බවට පත් කරන්නට උත්සාහ කල බව ඔබට මතකද ..?

………
Kaushika Priyantha Ediriweera
ඔව් , හැංගිලා නෙවෙයි කෙළින් , 2015 දි යූ. එන් .එෆ් එකෙන් ඡන්දෙ ට ඉදිරිපත් වුණේ..
ඔහේගෙ නායකයො 1989 බටලන්දට දේශපාලන නායකත්වය දීපු රනිල්වයි රට පුරා වද කඳවුරුවලට නායකත්වය දුන්න යූ.එන්.පී. නායකයන්වයි බදාගත්තෙ 2010 දි.

ඔහේ දන්නවද ඔය අනුර මාත් එක්ක යි රනිල් , මයිත්‍රී එක්කයි ජාතික විධායක සභාවෙ 16 දෙනා අතර 2015 දි වාඩිවුණ බව..

බොරුවට ඝාතන සාධාරණීකරණය කරන්න එන්න එපා..!!!
රාජ්‍ය බලය ගන්න මැරුවත් මැරුවා..!!!
රාජ්‍ය බලය රැකගන්න මැරුවත් මැරුවා..!!!
දයා පතිරණ , විජය කුමාරණතුංග , ස්ටැන්ලි විජේසුන්දර , කොටිකාවත්තේ සද්ධාතිස්ස හිමි එදා අපි අවි දරපු ජ.වි.පෙ. න් කල ඝාතන මොකකට සාපේක්ෂවද සාධාරණ..?
……….

Jeewana Godahewa මතක් වුණා නෙවෙයි අමාරුවෙන් හරි මතක් කරවන්න වුණා.
එල්.ටී.ටී.ඊ.එකට මල්ටි බැරල්වලින් ගහනකොට , 2009 දි කම්පා වුණ එවුං , දැං එල්.ටී.ටී.ඊ. එකට පක්ෂපාතී ඩයස්පෝරාඑකේ කණ්ඩායම ආයෙත් යුද අපරාධ කථාවට අල් ජසීරා හරහා පාර කපාගන්න හදනකොට ඒකට උදව් කරන ප්‍රකාශ කරමින් මේ තක්කඩි උන්ට අනියමීං උදව් කරමින් , ඒක නොතේරෙනව වගේ හැසිරෙනකොට , මුන්ට ඇහැට ඇඟිල්ලෙන් ඇනල හරි කියන්න වෙනව.
දැං කාල වරෙල්ලා..!!!
මට හිරේ මැරෙන එක මහ දෙයක් නෙවෙයි. රටට අනතුරක් වෙන්න දෙන්නේ නෑ..!!!

……….

බටලන්ද කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සමඟ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමේ වත්මන් ආණ්ඩුවේ සූදානමක් පිළිබඳව දේශපාලන රාවයක් පැතිරීමත් සමඟ 88-89 ජවිපේ භීෂණය සම්බන්ධවද පූර්ණ විමර්ශනයක් අවශ්‍ය බවට සමාජ මතයක් නිර්මාණය විය.

ඒ පසුබිමේ 88-89 ජවිපෙ භීෂණය සම්බන්ධව මෙතෙක් ඉතිහාසයේ වැළලී තිබූ කරුණු රැසක් අනාවරණය වීමක් සිදුවූ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක තැබූ මේ සටහන සමඟ එකී සංවාදය තවදුරටත් ඉදිරියට යමින් තිබේ.

මේ සම්බන්ධව අදහස් දක්වමින් දේශපාලන විචාරකයකු පවසා සිටියේ, LTTE ඩයස්පෝරාවේ අවශ්‍යතාව මත කරළියට ගනුලැබූ බටලන්ද කොමිසමේ වාර්තාව වත්මන් ආණ්ඩුවේ අපරිණත හැසිරීම විසින්, ” අහක යන නයෙක් ඇඳි වස්ත්‍රය තුළට දමා ගැනීම” ක් සිදුකර ගෙන ඇති බවයි. එහි ප්‍රතිඵල ඉදිරියේ දී අනුර දිසානායක පාලනයට විදෙස් බලපෑමක් ලෙස පැමිණීමේ අවධානමක් ඇති බවද ඔහු සඳහන් කළේය

Previous articleදේශබන්දු සොයා CID ය සාගලගේ මොරවක කාර්යාලය පීරයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here