Home අද මගීන් සියයකට අධික පිරිසක් සමඟ දුම්රියක් පැහැර ගනී !

මගීන් සියයකට අධික පිරිසක් සමඟ දුම්රියක් පැහැර ගනී !

9
0

පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගෙන ⁣තිබෙන බව වාර්තා වේ.

බෙදුම්වාදීන්, දුම්රියට ගොඩ වී දුම්රිය ඔවුන්ගේ පාලනයට ගෙන ඇත්තේ මගී දුම්රියට වෙඩි තබමින් වන අතර එම ප්‍රහාරයෙන් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. දුම්රිය බිංගෙයක් තුළින් යද්දී නතර කරමින් මෙම පැහැර ගැනීම සිදුකර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මියගිය 10 දෙනාගෙන් නව දෙනකු දුම්රියේ ආරක්ෂාවට යොදවා සිටි පාකිස්තාන ආරක්ෂක අංශ සාමාජිකයන් වන අතර, අනෙක් තැනැත්තා දුම්රිය රියදුරා බවද සඳහන් වේ.

සටන්කාමීන් දුම්රියට පහර දීමට පැමිණෙද්දී, ඊට 400 කට වැඩි පිරිසක් ගොඩවී සිට ඇති අතර සටන්කාමීන් පහර දෙද්දී බොහෝ දෙනකු දුම්රියෙන් බැස පලා ගිය බව ද වාර්තා වේ.

ඊයේ (11) දිනයේ මෙසේ සටන්කාමීන්ගේ ප්‍රහාරය සහ පැහැර ගැනීමට ලක්ව ඇත්තේ පකිස්ථානයේ ජෆාර් එක්ස්ප්‍රෙස් නමැති සීඝ්‍රගාමී මගී දුම්රියයි

Previous articleඅධික වැසි හේතුවෙන් ප්‍රධාන ජලාශ 42 ක් වාන් දමයි !
Next articleවෛද්‍යවරියව ලිංගික හිංසනයට ලක්කළ සැකකරු අල්ලයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here