Home අද අධික වැසි හේතුවෙන් ප්‍රධාන ජලාශ 42 ක් වාන් දමයි !

අධික වැසි හේතුවෙන් ප්‍රධාන ජලාශ 42 ක් වාන් දමයි !

11
0

මේ දිනවල ඇද හැලෙන අධික වැසි හමුවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් පාලනය වන ප්‍රධාන ජලාශ 73න් ජලාශ 42ක් අද (12) උදෑසන වන විට වාන් දමමින් පැවති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 7ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 06ක්, බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 05ක්, පොළොන්නරු දිස්ත්‍රික්කයේ ජලාශ 03ක් සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජලාශ 03ක් වශයෙන් මුළු ජලාශ 42ක් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම වාන් දමන ජලාශ අතරට මින්නේරිය, කවුඩුල්ල, කන්තලේ, රාජාංගන, ලුණුගම්වෙහෙර ජලාශ මෙන්ම සේනානායක සමුද්‍රය සහ පරාක්‍රම සමුද්‍රය ද ඇතුළත් බව එම දෙපාර්තමේන්තුව පවසයි.

දැනට පවතින ජලාශ ප්‍රමාණය අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව පාලනය වන ජලාශවල ගබඩා කරගත හැකි මුළු ජල ධාරිතාවෙන් 93%ක් පමණ මේ වන විට ගබඩා කර ගැනීමට හැකියාව ලැබී ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.

Previous articleදින 30 ක සටන් විරාමයකට යුක්‍රේනය එකඟ වෙයි !
Next articleමගීන් සියයකට අධික පිරිසක් සමඟ දුම්රියක් පැහැර ගනී !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here