Home අද ආණ්ඩුව එළියට නොදාන ලැයිස්තුවක් ගැන චම්පිකගෙන් අනාවරණයක් !

ආණ්ඩුව එළියට නොදාන ලැයිස්තුවක් ගැන චම්පිකගෙන් අනාවරණයක් !

22
0

සතිපතා විවිධ ලැයිස්තු ඉදිරිපත් කරන ආණ්ඩුව දැන් ගෙවල් ගිනි තැබීමට ලක්වූ අය ගත් වන්දි ලැයිස්තුව එළියට දමා ලොකු ඝෝෂාවක් නඟමින් ඇති නමුත් ගෙවල් ගිනි තැබූවන්ගේ ලැයිස්තුව මෙතෙක් එළියට දමා නොමැති බව , එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

එම ලැයිස්තුව එළියට දැම්මේ නම් පාර්ලිමේන්තුවේ සිටින පක්ෂයේ අයගේ නම් ගම් ද එළියට එන බවද ඔහු පවසයි.

හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මේ බව සඳහන් කර සිටියේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ගෙවල් ගිනි තැබූවන්ගේ ලැයිස්තුව පොලිස්පතිගේ ලාච්චුවේ ඇති බවත් එය සභාගත කරන ලෙස බිමල් රත්නායකගෙන් ඉල්ලා සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය

Previous articleපුංචි ජන්දය කල් යයි ?
Next articleතැපෑල වර්ජනයකට සැරසෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here