Home අද හිටපු කථානායක චමල් රාජපක්ෂ පළාත් පාලන මැතිවරණයට!

හිටපු කථානායක චමල් රාජපක්ෂ පළාත් පාලන මැතිවරණයට!

5
0

ඉදිරි පළාත් පාලන මැතිවරණයට තමන්ද තරග කිරීමට සූදානම් බව හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා අද (09) ප්‍රකාශ කළේය.

චමල් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ ඉදිරි පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරග කරන අපේක්ෂකයන් තෝරා ගැනීම සඳහා අද තංගල්ල කාල්ටන් නිවසේ පැවති රැස්වීමකට එක් වෙමිනි.

“ඔයාලා කැමති නම් මෙවර පළාත් පාලන මැතිවරණයට මමත් ඉල්ලනවා”… යැයි චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ පැමිණ සිටි අයගේ ප්‍රීතිඝෝෂා මධ්‍යයේය.

එහිදී චමල් රාජපක්ෂ මහතා තවදුරටත් පැවසුවේ දේශපාලන පක්ෂ නිරන්තරයෙන් ඉහළ පහළ යන එකක් බවයි. ඒ අනුව පොදු ජන පෙරමුණත් පසුගිය කාලයේ පල්ලම් බැස්ස බවද ඔහු සිහිපත් කළේය.

මේ අනුව මෙවර පළාත් පාලන මැතිවරණයට චමල් රාජපක්ෂ මහතා තරග කිරීමට එකඟත්වය පළ කර ඇතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තංගල්ල ක්‍රියාකාරිකයෙකු පැවසීය.

Previous articleබටලන්ද වාර්තාව මේ සතියේ කැබිනට් මණ්ඩලයට !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here