Home අද බටලන්ද වාර්තාව මේ සතියේ කැබිනට් මණ්ඩලයට !

බටලන්ද වාර්තාව මේ සතියේ කැබිනට් මණ්ඩලයට !

3
0

බටලන්ද කොමිසමේ වාර්තාව පිළිබඳව එළැඹෙන සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ගැනීමට නියමිත බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

The sunday morning  කළ විමසීමකදී රනිල් වික්‍රමසිංහට එරෙහි චෝදනා පිළිගන්නා බව පවසා ඇති අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ”බටලන්ද අපරාධවලට රනිල් වික්‍රමසිංහ සම්බන්ධ බව අපි කවුරුත් දන්නවා , ඒක පොදු සත්‍යයක්. අපිට ඒ චෝදනාව ප්‍රතික්ෂේප කරන්න බැහැ.”  යනුවෙනි.

මේ වන විට බටලන්ද කොමිසමේ වාර්තාව රජයට භාරදී වසර 25ක් පමණ ගෙවීගොස් ඇති අතර, ඒ සම්බන්ධව යළි කතා බහක් කරළියට පැමිණියේ පසුගියදා විකාශය කෙරුණු අල් ජසීරා නාලිකාව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ පැවැත්වූ ආන්දෝලනාත්මක සාකච්ඡාවට පසුවය.

කෙසේ වුවත් මේ වාර්තාව සම්බන්ධව රජය ගන්නා නිශ්චිත ක්‍රියාමාර්ග කිසිවක් the sunday morning වෙත අමාත්‍යවරයා ප්‍රකාශ කර නැති නමුත් කැබිනට් සාකච්ඡාවෙන් පසුව තීරණයක් ගන්නා බව සඳහන් කර ඇත.

වාර්තාවේ සොයාගැනීම් මත පදනම්ව රනිල් වික්‍රමසිංහගේ ප්‍රජා අයිතිය අහෝසි කළ හැකිද යන්න විමසූ විට ඔහු පවසා ඇත්තේ, ඉදිරියේදී වාර්තාවේ කරුණු සම්බන්ධයෙන් කටයුතු කරන බවයි.

Previous articleජාතික ජන බලවේගය ආණ්ඩුව කල්පයකට හොලවන්න බෑ : ටිල්වින් කියයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here