Home අද රනිල්ව තම්බන්න ආපු අල් ජසීරා ට වෙච්ච දේ : පැය දෙකේ පටිගත...

රනිල්ව තම්බන්න ආපු අල් ජසීරා ට වෙච්ච දේ : පැය දෙකේ පටිගත කිරීම පැයකට සීමා කරයි !

497
0

අල්ජසීරා නාලිකාව සමඟ තමන් පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව පැය දෙකකට ආසන්න වුවත් වැඩසටහන විකාශනය කිරීමේදී වැදගත් කොටස් රැසක් සංස්කරණය කර ඇති බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.

ලංකාවේ මාධ්‍ය සාමාන්‍යයෙන් පටිගත කළ වැඩසටහනක් විකාශය කිරීමේදී හොඳ – නරක පොදුවේ විකාශනය කරන නමුත් අල් ජසීරා එසේ සිදුකර නොමැති බව පෙන්වාදුන් හිටපු ජනාධිපතිවරයා සම්පූර්ණ වැඩසටහන විකාශය කළා නම් තත්ත්වය මීට වෙනස් වීමට තිබූ බවද පැවසීය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ තමන් සහභාගී වූ ඊයේ (06) විකාශනය කළ අල් ජසීරා රූපවාහිනීයේ head to head වැඩසටහන සම්බන්ධව මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

තමා දැක්වූ ඉතා වැදගත් අදහස් වැඩසටහන විකාශනය කිරීමේදී සංස්කරණය කර ඇති බව පැවසූ හිටපු ජනාධිපතිවරයා මේ අවස්ථාවේ ඒවා කරුණු සහිතව දැක්වීමට අපේක්ෂා නොකරන බවද සඳහන් කළේය .

කෙසේ වුවත් ලෝකයේ ආන්දෝලනාත්මක සහ සහභාගී වන පාර්ශ්වය බලවත් අපහසුතාවට පත්කරමින් සිදුකෙරෙන වැඩසටහනක් ලෙස අල් ජසීරා රූපවාහිනීයේ head to head වැඩසටහන ප්‍රසිද්ධියක් උසුළයි.

ඔවුන් තම සිතැඟි ලෙස සම්පූර්ණ වැඩසටහන සංස්කරණය කර තිබුණත්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉතා සෘජු මෙන්ම විචක්ෂණශීලී ලෙස සිය අදහස් දැක්වීම සිදුකර ඇති බවට සමාජ මාධ්‍ය තුළ විචාර සිදු කෙරෙමින් තිබේ.

ඉතා උනුසුම් අදහස් හුවමාරුවක් සහිත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ අල් ජසීරා රූපවාහිනීයේ විකාශනය කළ head to head වැඩසටහනේදී නැඟුණු ප්‍රශ්න කිහිපයක් සහ පිළිතුරු පහත දැක්වෙයි.

.ප්‍රශ්නය -පාර්ලිමේන්තුව විසින් ඔබ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස පත් කළා. ඔබ ආර්ථිකය ස්ථාවරත්වයකට ගෙන ආවා. ඔබ රටේ 70%ක උද්ධමනය 1.3%ක් දක්වා පහළට ගෙන ආවා වසරක් තුළදී. නමුත් ඔබ පසුගිය සැප්තැම්බරයේ පැවති ජනාධිපතිවරණයේ පරාජයට පත්වුණා. ඒ තරම් හොඳ වාර්තාවක් තැබූ ඔබ ශ්‍රී ලාංකික ජනතාව විසින් මුළුමනින්ම ප්‍රතික්ෂේප කිරීම ගැන ඔබට මොනවද හිතෙන්නේ?

පිළිතුර -මම පරාජය වුණේ මොකද කියලා පැහැදිලි කරන්න මට මෙතනට ආවේ නැහැ. නමුත් මම සතුටු වෙනවා මට පැවරුණු කාර්යය ඉටුකිරීමට හැකිවීම ගැන.

ප්‍රශ්නය -2022 වසරේ ඔබ බලයට පැමිණ පැය කිහිපයකින් ඔබ ආරක්ෂක හමුදා අමතලා නීතිය හා සාමය ඇතිකරන්න ඕනෑම දෙයක් කරන්න කියලා ඔවුන්ට උපදෙස් දුන්නා නේද? ඊළඟට ඔවුන් ප්‍රචණ්ඩකාරී අන්දමින් විරෝධතාකරුවන් මර්දනය කළා නේද?

පිළිතුර -කවුරුවත් තරුණ පෙළේ අදහස් නොසලකා හැරියේ නැහැ. පාර්ලිමේන්තුව විසින් ජනාධිපතිවරයා ලෙස මා පත් කළ විට මම නීතිය හා සාමය ස්ථාපිත කළ යුතු වනවා. පාර්ලිමේන්තුව කැරලිකරුවන් විසින් අත්පත් කරගත්තොත් කවර තත්ත්වයක්ද උදාවෙන්නේ. එය ප්‍රජාතන්ත්‍රවාදී ද ?

ප්‍රශ්නය -ජාත්‍යන්තර ක්ෂමා ආයතනය ප්‍රකාශ කරන විදියට පොලිසිය විසින් විරෝධතාකරුවන්ට එරෙහිව ඔබේ කාර්යාලය ඉදිරිපිට කඳුළු ගෑස් කැනිස්ටර් 944ක් පාවිච්චි කර තියෙනවා ?

පිළිතුර – ජාත්‍යන්තර ක්ෂමා ආයතනය අපේ රටවල් අපකීර්තියට පත්කරනවා. මොකද ඔවුන් වෙනස් ආකාරයක අදහස් දරන අය.

ප්‍රශ්නය -යුරෝපා සංගමය කියනවා සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව අනවශ්‍ය විදියට බලය යෙදවීමක් සිදුවී ඇති බව.පිළිතුර -යුරෝපා සංගමය ඇතැම් රාජ්‍යයන් නොවන සංවිධානවලට මූල්‍යාධාර සපයා තිබෙනවා. ඔවුන් මට ඉල්ලා අස්වන ලෙසත් බල කළා. ඔවුන්ම තමයි ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් මුදාගත් බවට මට ප්‍රශංසා පළ කරන්නේ.

ප්‍රශ්නය -ඔබ යුරෝපා සංගමයට කැමති නැහැ. ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයටත් කැමති නැහැ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමටත් විරුද්ධයි.

පිළිතුර -නැහැ. මම යුරෝපා සංගමයට කැමතියි. ඔබට මට ආයතන ගැන කියන්න තියෙන හැමදෙයක්ම කියන්න. ඊළඟට මම උත්තර දෙන්නම්. මම දේශපාලනයේ ඉන්නේ ඔබ ඉපදෙන්නත් කලින් ඉඳලා.

ප්‍රශ්නය -කතෝලික පල්ලියේ ප්‍රධානියා වන කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් කියනවා ඔබ පාස්කු ප්‍රහාරයේ සැබෑ විමර්ශනයක් කරන්න උත්සාහ නොගත් බව. ඔබ ඒ සඳහා පත්කළ කොමිසම ඵලක් නැති වාර්තාවක් නිකුත් කළ බවයි ඔහු කිව්වේ.

පිළිතුර -මම දන්නවා කතෝලික පල්ලියේ දේශපාලනයක් පවතින බව

 

Previous articleවිදුලි ගාස්තු වැඩි නොකිරීමට උත්සාහ කරනවා : මාලිමා මන්ත්‍රී කියයි !
Next articleදේශබන්දුගේ වරප්‍රසාද සියල්ල අත්හිටුවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here