Home අද විදුලි ගාස්තු වැඩි නොකිරීමට උත්සාහ කරනවා : මාලිමා මන්ත්‍රී කියයි !

විදුලි ගාස්තු වැඩි නොකිරීමට උත්සාහ කරනවා : මාලිමා මන්ත්‍රී කියයි !

53
0

විදුලි ගාස්තුව වැඩි නොකර සිටීමට රජය හැකි තාක් දුරට උත්සාහ දරමින් සිටින බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුනීර් මුලාෆර් පවසයි.

මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ, විදුලි ගාස්තු වැඩි කල යුතු බවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් කර ඇති නිර්දේශය ගැන මාධ්‍යවේදීන් ඔහුගෙන් කළ විමසීමකදී ය.

බංකොලොත් වී තිබූ රට නැවත ආර්ථික වශයෙන් ශක්තිමත් වෙමින් ඇති මොහොතක සියලු ක්‍ෂේත‍්‍රවල ප්‍රශ්න ඇති බව දන්නා බවත් ඒවා විසඳාගෙන ඉදිරියට යමට බලාපොරොත්තු වන බවත් ඔහු එහිදී සඳහන් කළේය .

කෙසේ වුවත් පසුගිය ජාතික මැතිවරණ හමුවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ලබාදුන් ප්‍රධාන පොරොන්දුවක් වූයේ විදුලි ගාස්තු මිල ගණන් තුනෙන් එකකින් අඩුකරන බවයි.

නමුත් පසුව සිදුකෙරුණු විදුලි ගාස්තු සංශෝධනයේදී එවැන්නක් සිදුකළ නොහැකි බව විදුලි බල මණ්ඩලය විසින් පැවසිණ.

නමුත් විදුලි පාරිභෝගික සංගම් වල විරෝධතා සහ මහජන උපයෝගිතා කොමිසමේ මැදිහත්වීම මත විදුලි ගාස්තු මිල අඩු කිරීම සිදුකෙරිණ

Previous articleනලින්ද විජිතට පිටුපායි : රනිල්ගේ යෝජනාව ක්‍රියාවට නඟන්න තීන්දුවක් !
Next articleරනිල්ව තම්බන්න ආපු අල් ජසීරා ට වෙච්ච දේ : පැය දෙකේ පටිගත කිරීම පැයකට සීමා කරයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here