ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී සියලු පළාත් පාලන ආයතන සඳහා දුරකථනය ලකුණින් තරග කිරීමට සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (07) තීරණය කළේය.
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පොදු පෙරමුණක් යටතේ එක්ව ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා සාකච්ඡා පැවැත්වෙන අතරතුර සමගි ජන බලවේගය මෙම තීරණයට එළඹ තිබේ.
එක්සත් ජාතික පක්ෂයත් සමගි ජන බලවේගයත් එක්වීම සම්බන්ධයෙන් පක්ෂ දෙකෙහි, මහ ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවට කිහිපයක් පසුගිය කාලයේ පැවැත්විණි.
එම සාකච්ඡාවලදී ඇතිකර ගන්නා ලද එකඟතා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාත් අතර සාකච්ඡාකර අවසන් එකඟතාවයකට පැමිණීමට සැලසුම් කර තිබිණි.
එවන් පසුබිමක් තුළ සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සියලූම පළාත් පාලන ආයතන සඳහා දුරකථනය ලකුණින් තරග කිරීමට තීරණය කර තිබේ.
මේ අතර සමගි ජන බලවේගය සමඟ එක්ව සිටින ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු තවත් පක්ෂ කිහිපයක් ඔවුන්ට වාසිදායක ප්‍රදේශවල පළාත් පාලන ආයතන සඳහා ඔවුන්ගේ පක්ෂ ලාංඡනයෙන් තරග කිරීමටත් සෙසු ප්‍රදේශවල පළාත් පාලන ආයතන සඳහා සමගි ජන බලවේගය යටතේ දුරකථනය ලකුණින් තරග කිරීමටත් තීරණය කර ඇත.