Home අද දේශබන්දුගේ වරප්‍රසාද සියල්ල අත්හිටුවයි

දේශබන්දුගේ වරප්‍රසාද සියල්ල අත්හිටුවයි

39
0

අධිකරණ නියෝගය මගහැර සැඟව සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ලබා දී තිබෙන වරප්‍රසාද සියල්ල අත්හිටුවීමට රජය පියවර ගෙන ඇත.

මේ වනවිට හිටපු පොලිස්පතිවරයාට නිල නිවසක්, නිල මෝටර් රථයක්, ඇමැති ආරක්ෂක අංශයේ නිලධාරීන් හය දෙනෙක්, පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් දෙදෙනෙක්, සහ වැටුප් සහිත තවත් වරප්‍රසාද රැසක් ලබා දී තිබෙන අතර ඒ සියල්ල මේ අනුව අත්හිටුවීමට නියමිතය.

මාතර වැලිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිටදී සිදුවූ වෙඩි හුවමාරුවකින් කොළඹ අපරාධ කොට්ඨාශයේ පොලිස් නිලධාරියෙක් මිය යෑමේ සිද්ධියක් සම්බන්ධව දේශපන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය මගින් පසුගිය සතියේ නියෝගයක් නිකුත් කරනු ලැබීය.

එම අධිකරණ නියෝගයට අනුව තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් සතියක කාලයක් රටේ විවිධ ප්‍රදේශවල විමර්ශන සිදු කළද මෙතෙක් ඔහුව අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇත.

හිටපු පොලිස්පතිවරයෙක් මේ ආකාරයට අධිකරණ තීන්දුව මගහරිමින් කටයුතු කිරීම පොලිසියටද බරපතළ ගැටලුවක් වී ඇතැයි මේ සම්බන්ධව පරීක්ෂණ කරන උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

හිටපු පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා රට පුරා පරීක්ෂණ සිදු කරන බව එම නිලධාරියා අනාවරණය කළේය.

තෙන්නකෝන් මහතා රැඳී සිටි නිවාස සහ ඔහු සැඟව ඇතැයි විශ්වාස කළ ස්ථාන රැසක් අද අළුයම වන විට පරීක්ෂාවට ලක් කරමින් ඔහු පරිහරණය කළ ජංගම දුරකථන ඔස්සේ ද විමර්ශන කටයුතු දියත් වන බව එම පොලිස් නිලධාරියා වැඩිදුරටත් අනාවරණය කළේය.

Previous articleරනිල්ව තම්බන්න ආපු අල් ජසීරා ට වෙච්ච දේ : පැය දෙකේ පටිගත කිරීම පැයකට සීමා කරයි !
Next articleජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් කිහිප දෙනෙකුට ස්ථාන මාරු !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here