Home අද එජාපය බලගන්වන වැඩක් කොළඹින් ඇරඹේ !

එජාපය බලගන්වන වැඩක් කොළඹින් ඇරඹේ !

9
0

එක්සත් ජාතික පක්ෂය බලගැන්වීමේ අරමුණ ඇතිව ”එක්සත් ජාතික පක්ෂය බලගන්වමු” මැයින් මහජන බලගැන්වීමේ වැඩසටහනක් 2025 මාර්තු මස 07 වන දින සවස 2.00 සිට එක්සත් ජාතික පක්ෂයේ බල කේන්ද්‍රය වන මැද කොළඹ එක්සත් ජාතික පක්ෂ මෙහෙයුම් කාර්යාලයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයන් ලෙස එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් නීතිඥ තලතා අතුකෝරළ සහ එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය සාගල රත්නායක සහභාගි වීමට නියමිතය.

මෙම වැඩසටහනේ ප්‍රධාන දේශනය හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න විසින් සිදු කෙරෙනු ඇත.

මේ සම්බන්ධව නිකුත්කර තිබෙන මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

වර්තමානය තුළ විවිධ අනන්‍යතා සහිතව දේශපාලනය කරන සියලු කණ්ඩායම් විසින් එක්සත් ජාතික පක්ෂය සහ එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ක්‍රියාත්මක කරන ලද ආර්ථික වැඩපිළිවල පදනම්ව රාජ්‍ය පාලනය කළ යුතුය යන ස්ථාවරයට පැමිණ තිබේ.

මෙහි ඇති වැදගත්ම කාරණය වන්නේ දක්ෂිනාංශික දේශපාලන පක්ෂ මෙන්ම වාමාංශික කඳවුරේ සියලු දේශපාලන පක්ෂ ද එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කරන ලද වැඩපිළිවෙළ පිළිගැනීමයි. එමගින් තහවුරු වන්නේ දෘෂ්ටිවාදාත්මක දේශපාලන මැදිහත්වීමක් ඇති එකම දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය බවයි. එසේම ගෝලීය ආර්ථිකයටත්, කෘතිම බුද්ධිය පදනම් කරගත් නවීන ලෝකයටත්, ජෛව ගෝලයේ පැවැත්මට අවශ්‍ය හරිත සංකල්පයන්ටත්, විවිධ සංස්කෘතික, ආගමික සහ සදාචාරාත්මක හර පද්ධතීන්ට ඉඩකඩ ලබාදෙන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයන්ටත් ගරු කරන ආර්ථික යුක්තිය ගොඩනැගීමට අවශ්‍ය නිදහස් ආර්ථික ප්‍රවේශයන්ටත් නීතියේ ආධිපත්‍ය සහ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසටත් ඉඩකඩ සලසන නිශ්චිත දෘෂ්ටිවාදයක් සහිතව දේශපාලන භූමිය තුළ කටයුතු කරන එකම දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය බවයි.

ශ්‍රී ලංකාව අරාජිකත්වයට පත්කිරීම සඳහා කටයුතු කළ මාක්ස්වාදී අන්තවාදින් මෙන්ම ජාතිවාදී ආගම්වාදී අන්තවාදීන්ද එක්සත් ජාතික පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශය මගින් මේ වන විට පෝෂණය වී තිබේ.

ප්‍රෞඪ ඉතිහාසයකටත් ජාතිය ගොඩනැගීමේ අභිමානයටත් ගෞරව සම්ප්‍රයුක්තව උරදී කටයුතු කළ එක්සත් ජාතික පක්ෂය එහි නවීන ආකෘතියෙන් ඉදිරියට බලගැන්වීම මේ යුගයේ අත්‍යවශ්‍ය කරුණක් වී තිබේ. මේ හේතුවෙන් සියලු ජාතීන් සංස්කෘතීන් ආගම් ඇතුළු විවිධත්වයන් පිළිගන්නා ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් නිර්මාණය කිරීමටත් නිදහස් ආර්ථික ප්‍රවේශයක් තහවුරු කර ගැනීමටත් එක්සත් ජාතික පක්ෂය සමග එකතුවන මෙන් ඉල්ලා සිටිමු

Previous articleමේ වසරේදී චීන ආර්ථිකයේ 5% වර්ධනයක්.!
Next articleබදු ආදායම් අය කර ගැනීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීමයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here