Home අද සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

12
0

සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනය අද (06) රට පුරා ආරම්භ කිරීමට සංවිධානය කර තිබූ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට එම සම්මේලනය තීරණය කර ඇත.

සෞඛ්‍ය ඇමැති වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා සමග අද සවස පැවැති සාකච්ඡාවේදී ඇති කරගත් එකඟතා මත මෙම වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව එම සම්මේලනයේ ප්‍රකාශකයෙක් පැවසීය.

අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේ දී තම ඉල්ලීම් වලට ලබන දාහත් වැනිදාට පෙර විසඳුම් ලබා දෙන බවට ඇමතිවරයා ලිඛිතව පොරොන්දු වීම නිසා වර්ජනය තාවකාලිකව නවතා දැමුවත් 17 වැනිදා වන විට අයවැයෙන් කප්පාදු කළ සහන ලබා නැවත වැඩ වර්ජනය ආරම්භ කරන බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය

මේ සම්බන්ධව වෘත්තිය වේදීන්ගේ සම්මේලනයේ විශේෂ සාකච්ඡාවක් ලබන16 වැනිදා කැඳවා තිබෙන බවද එම ප්‍රකාශකයා පැවසීය

Previous articleමර්වින් සිල්වා අත්අඩංගුවට !
Next article“රැවටුවා ඇති – බොරුවට තිත” ශ්‍රිලනිප මැතිවරණ සටන අරඹයි : දුමීගේ ඉන්ධන පිරවුම් හල ගැනත් කියයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here