පෞද්ගලික බස්රථ සඳහා මාර්ග බලපත්‍ර නිකුත් කිරීම සිදුකරන්නේ එම බස් රථවල CCTV ආරක්ෂණ කැමරා පද්ධති සවිකර ඇත්නම් පමණක් බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති බී.ඩී. විතාරණ පවසයි.
ඔහු මේ බව සඳහන් කර සිටියේ, 05 වැනිදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි .
පොදු ප්‍රවාහනයේදී කාන්තාවන්ට සිදුවන හිංසනයන් වැළැක්වීම සඳහා දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් අවශ්‍ය බවත් පොදු ප්‍රවාහනය කාන්තාවන්ට පොදු අවකාශයක් බවට පත් කිරීමට කටයුතු කළ යුතු බවත් එහිදී ඔහු පැවසීය.
ඒ වෙනුවෙන් කාන්තා හිංසනයන්ට අදාළ පැමිණිලි දැනුම් දීමට ජංගම දුරකතන යෙදවුමක් හඳුන්වා දීමට අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය .
කාන්තා හිංසනයේදී වර්තමානයේ කාන්තාව හුදකලා වන තනිව සටන් කිරීමට සිදු වන තත්ත්වයක් ඇති බැවින් ඒ වෙනුවෙන් සමස්ත මගී ජනතාව සංවිධානය කළ යුතු අතර ඒ සඳහා වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවද ජාතික ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා අවධාරණය කළේ ය