Home අද ජාතික ආරක්ෂාව තහවුරු කල රටේ පොලිස්පතිත් නෑ සෙව්වන්දිත් නෑ

ජාතික ආරක්ෂාව තහවුරු කල රටේ පොලිස්පතිත් නෑ සෙව්වන්දිත් නෑ

137
0

ජාතික ආරක්ෂාව තහවුරු බව ජනාධිපති අනුර කුමාර දිසානායක ආණ්ඩුවේ වගකිවයුතු පාර්ශ්ව සඳහන් කළද මෙතෙක් වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ නියෝග නිකුත්ව ඇති පසුබිමක සොයාගැනීමට ආරක්ෂක අංශ අසමත්වීම විමතිය දනවන කරුණක් බව ආරක්ෂක විශ්ලේෂකයන් පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ විදෙස් රටවල පවා වෙසෙන සැකකරුවන් අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒමට පවා දක්ෂ බුද්ධි අංශ සිටි මෙරට තුළ මතුව ඇති පසුබිම කොහෙත්ම අපේක්ෂා නොකළ තත්ත්වයක් බවයි.

මේ හරහා ජනප්‍රිවාදී ලෙස වචන පැවසූවත් ජාතික ආරක්ෂාව සම්බන්ධව පාලකයන් මීට වඩා අනිවාර්යයෙන් සැලකිලිමත් වීමේ අවශ්‍යතාව මතුවන බවද ආරක්ෂක විශ්ලේෂකයන් ගේ අදහස වී තිබේ.

එසේම රටේ මහත් ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගනේමුල්ල සංජීව ඝාතනය කිරීම සැලසුම් කළ බවට සැකකෙරෙන ඉෂාරා සෙව්වන්දි ද මෙතෙක් අත්අඩංගුවට ගැනීමට පමණක් නොව තවදුරටත් ඇය මෙරට සිටිනවාදැයි යන්න හෝ තහවුරු කර ගැනීමට ආරක්ෂක අංශ මෙහෙයවීමේ වැදගත්කම ද ඔවුන් පෙන්වාදෙයි .

ආරක්ෂක විශ්ලේෂකයන් පවසන්නේ ගනේමුල්ල සංජීව ඝාතනය හුදු පාතාල කල්ලි ක්‍රියාවකට ලඝු කිරීම ප්‍රඥාගෝචර නොවන බවයි. එය සිදුවූයේ මෙරට අධිආරක්ෂිත කලාපයක බවත් එවැනි තැනක අපරාධයක් සැලසුම් කිරීමම බරපතළ කාරණයක් ලෙස සලකා කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවයි.

තවද සැකකරුවන් සොයා දෙන්නෙකුට ලක්ෂ ගණන් මුදල් ත්‍යාග ප්‍රසිද්ධ කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළත්, මත්ද්‍රව්‍ය , අවි ආයුධ ඇතුළු නීති විරෝධි ජාවාරමුන් ඔවුන්ගේ ක්‍රියාවන් සඳහා වියදම් කරනුයේ කෝටි ගණනින් බවද ආරක්ෂක විශ්ලේෂකයන් වැඩිදුරටත් පෙන්වාදෙයි . එබැවින් අපරාධයක් සිදුවීමෙන් පසුව ඒ සම්බන්ධව ක්‍රියාත්මක වීම වෙනුවට අපරාධ සිදුවීම වළක්වා ගැනීමට වැඩි අවධානයක් යොමුකිරීම අත්‍යවශ්‍ය බවද ආරක්ෂක විශ්ලේෂකයන් අවධාරණය කර සිටියි

Previous articleවෛද්‍යවරුන් පසුබසිද්දී සෞඛ්‍ය වෘත්තී⁣යවේදීන් 06 වනදා වර්ජනයේ !
Next articleබංකොලොත් රටක් බාරගෙන ඉතිහාසයේ දැවැන්තම වැටුප් වැඩි කිරීම කළේ අපි – වසන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here