Home අද පොළොන්නරුවේ වී අලෙවි මණ්ඩලයේ ගබඩා වේලෙයි !

පොළොන්නරුවේ වී අලෙවි මණ්ඩලයේ ගබඩා වේලෙයි !

17
0

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී අස්වනු නෙළීම ඇරඹී ඇති නමුත් වී අලෙවි මණ්ඩලයේ ගබඩාවලට කිසිදු ගොවියකු මෙතෙක් වී ලබා දී නැති බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට ලංකාපුර, දිඹුලාගල, වැලිකන්ද ආදී ප්‍රදේශ රැසක අස්වනු නෙළීම ආරම්භ වී ඇත.
රජය නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 120 සහතික මිලක් නියම කළඳ රජයට වී මිලදී ගැනීමේ දී ඒම අස්වනු සඳහා 14 තෙතමනයක් බැලීමත් සමග ගොවින් අස්වනු වේලා ගැනීමට වැය වන ශ්‍රම වියදම සහ විවිධ හේතුන් මුල් කර ගනිමින් අස්වනු නෙලූ විගසම ගොවී බිම තුළදීම පෞද්ගලික වී මුදලාලින්ට රුපියල් 105-115 පමණ මුදලට සිය අස්වනු අලෙවි කිරීමට පෙළඹී ඇත.

කෙසේ වුවත් රජය පසුගිය පෙබරවාරි මස 08 වැනි දින සිට පොළොන්නරුව දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි වී ගබඩා සංකීර්ණ 24 විවෘත කර ඇති අතර එදින සිට මේ වනතුරුත් වී අලෙවි මණ්ඩලයේ නිලධාරීන් සෑම ගබඩා ස්ථානයකම රැඳී සිටියි.

Previous articleවෙළෙඳ යුද්ධයක සටන් සඳහා සූදානම් – චීනය හා කැනේඩියාවෙන් ඇමෙරිකාවට ප්‍රතිචාර !
Next articleසා/පෙළ ප්‍රවේශපත්‍ර තැපෑලට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here