පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළ නාමයෝජනා කැඳවීමෙන් පසු මැතිවරණ කොමිසම විසින් මූලික වැඩකටයුතු ආරම්භ කර තිබේ.
ඒ අනුව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් සහ සහකාර මැතිවරණ තේරීම්භාර නිලධාරීන් කොළඹට කැඳවීමට මැතිවරණ කොමිසම පියවර ගෙන තිබේ. මෙම සාකච්ඡාව එළැඹෙන සෙනසුරාදා දිනයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් හෙට (06) පැවැත්වෙන මැතිවරණ කොමිෂන් සභා රැස්වීමේදී ගැනීමට නියමිත බව සඳහන් වෙයි.
මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළව නාමයෝජනා කැඳවීමේ නිවේදනය නිකුත් කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම රැස්වන පළමු අවස්ථාව මෙය වන අතර මෙහිදී මැතිවරණයට අදාළ සැලසුම් කිරීම් සහ ඒ සම්බන්ධයෙන් මතුවන ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන් වේ.
පළාත් පාලන ඡන්දයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ කටයුතු එළැඹෙන 12 වනදා මධ්‍යම රාත්‍රී 12න් අවසන් වන බවත් තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කාලසීමාව කිසිසේත් දීර්ඝ නොකරන බවත් මැතිවරණ කොමිසම පවසයි.
මේ අතර පළාත් පාලන ආයතන මැතිවරණයේ නාමයෝජනා භාරගැනීම එළැඹෙන 17 වනදා ආරම්භ කිරීමට නියමිතය