ඇමරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉදිරිපත් කර ඇති ගාසා සැලැස්ම වෙනුවට අරාබි නායකයින් ඩොලර් බිලියන 53 ක විකල්ප සැලැස්මක් අනුමත කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ගාසාව අත්පත් කර ගැනීම හා මිලියන දෙකකට අධික පලස්තීනුවන් වෙනත් තැනක පදිංචි කිරීම ඇතුලත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අදහසට ප්‍රතිවිරුද්ධව මෙය ඉදිරිපත් කර තිබෙන බවද සඳහන් වේ.
අරාබි නායකයින් විසින් ඊජිප්තු අගනුවර කයිරෝ හි පැවති විශේෂ සමුළුවකදී එය අනුමත කර තිබේ. මෙම සැලැස්ම පිටු 91කින් යුත් ලේඛනයක් ලෙස එලිදක්වා තිබෙන අතර ඊජිප්තු ජනාධිපති අබ්දුල් ෆටා අල්-සිසි සිය ආරම්භක අදහස් දැක්වීමේද සඳහන් කර ඇත්තේ මෙම සැලැස්ම කල්පවත්නා විසඳුමක් ලබා දෙනු ඇති බවයි.
නව සැලැස්ම මගින් ගාසා තීරය, සුදුසුකම්ලත් තාක්ෂණවේදීන්ගෙන් සමන්විත කළමනාකරණ කමිටුවක් මගින් තාවකාලිකව පවත්වාගෙන යනු ඇති බව සඳහන් වේ