Home අද රැවටුනා ඇති : ගුරු – විදුහල්පති සටනත් ඇරඹෙයි !

රැවටුනා ඇති : ගුරු – විදුහල්පති සටනත් ඇරඹෙයි !

314
0

වත්මන් ආණ්ඩුව තවදුරටත් ගුරුවරුන් රවටමින් සුබෝධනී වාර්තාව අමතක කර, ගුරු – විදුහල්පතිවරුන්ගේ ඉතිරි තුනෙන් දෙකේ වැටුප් ගෙවීම කල් දමමින් සිටීමට එරෙහිව ඉදිරියේදී දැවැන්ත විරෝධයක් දැක්වීමට නියමිත බව ලංකා ගුරු සේවා සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු පවසයි.

එහි ආරම්භක පියවර ලෙස දැනුවත් කිරීමේ අත් පත්‍රිකා බෙදීම දිවයින පුරාම දියත් කළ බවද ඔහු පවසයි.

ඒ අනුව ඉදිරියේදී වැටුප් ගැටලුව විසඳා ගැනීම සඳහා ගුරුවරුන් හා විදුහල්පතිවරුන් දැනුවත් කිරීම සිදුකරන බැවින් රජයට තවදුරටත් ගුරුවරුන් රවටමින් කටයුතු කරන්න සදාචාරාත්මක අයිතියක් නොමැති බවද ඔහු පවසයි.

එබැවින් අනිවාර්යෙන්ම ඉදිරියේදී වැටුප් අර්බුදයට සාධාරණ විසඳුම් ලැබෙන තුරු අඛණ්ඩ අරගලයක නිරත වන බවද ලංකා ගුරු සංගමයේ සහපතිවරයා වැඩිදුරටත් පැවසීය.

මේ සම්බන්ධව වන අත්පත්‍රිකාව පහත දැක්වෙයි.

Previous articleරට ගැන IMF වෙතින් සුබ ආරංචියක්!
Next articleගුවන් හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානියෙක්!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here