Home අද ආර්ථිකයට බරක් වූ රාජ්‍ය ආයතන එළියට දෙන හැටි : IMF කියාදෙයි !

ආර්ථිකයට බරක් වූ රාජ්‍ය ආයතන එළියට දෙන හැටි : IMF කියාදෙයි !

264
0

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැදගත්ම අංගය බදු ගෙවන්නන් විසින් අවසානයේ ආපසු ගෙවීමට සිදුවන පාඩු හෝ ණය සමුච්චය වීම වළක්වා ගැනීම සඳහා රාජ්‍ය ව්‍යවසායන් විචක්ෂණශීලී ආකාරයකින් කළමනාකරණය කිරීම බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

එහි නියෝජ්‍ය මෙහෙයුම් ප්‍රධානී Katsiaryna Svirydzenka පෙන්වා දෙන්නේ එබැවින් රාජ්‍ය ව්‍යවසායන් රජය සතුව තිබියදී විචක්ෂණශීලීව කළමනාකරණය කළ හැකි බවයි.

නැතහොත් අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන්ම විකුණා දැමිය හැකි බවත් ඇය පවසයි.

ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන් තෙවන සමාලෝචනය අවසන් කිරීමෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අද (04) පැවැත්වූ මාධ්‍ය හමුවට අමතමින් මේ අදහස් පළකෙරිණි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ පසුගියදා පැවති ආර්ථික සමුළුවක් අවස්ථාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක ද පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ඇතැම් ඒවා සම්බන්ධව තීරණයක් ගැනීමට සිදුවන බව සඳහන් කර තිබූ බවයි.

එහිදී ජනාධිපති විසින් ඇතැම් රාජ්‍ය ව්‍යවසාය කොටස් වෙළෙඳපොළට යොමුකිරීම සහ එක් පොදු සමාගමක් යටතට ගැනීමක් ගැනත් සඳහන් කළ බවද ඔවුන් සිහිපත් කරයි.

මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වමින් ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ IMF වැඩපිළිවෙළ තුළ බරපතළ පාඩු ලබන , රාජ්‍ය ආදායම් වෙත මහා බරක් ලෙස තිබෙන රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම අනිවාර්යයෙන් සිදුවන බවයි. එයට කුමන නමක් දුන්නත් එම කටයුත්ත සිදුවිය යුක්තක්ම බවද ඔවුන් අවධාරණය කර සිටියි

Previous articleනියෝජ්‍ය ඇමති අරුන් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය අසත්‍යයි – ගයන්ත කරුණාතිලක
Next articleවැලිගම පොලිසියේ වැ.බ. HQI අධිකරණයට භාරවෙයි – දේශබන්දු අත්අඩංගුවට ගැනීමට බුද්ධි අංශ සහාය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here