Home අද අනුන්ගේ ළමයින්ට නම් දීලා – විදුලිය මෙට්‍රික් ටොන් වලින් මැනලා : ඇමති...

අනුන්ගේ ළමයින්ට නම් දීලා – විදුලිය මෙට්‍රික් ටොන් වලින් මැනලා : ඇමති ඉංජිනේරු කුමාර යළිත් කරළියේ !

556
0

විදුලි බලය ගණනය කිරීමේ ඒකක වැරදි ලෙස ගණනය කිරීම සම්බන්ධව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මේ වන විට හාස්‍යට ලක්වෙමින් තිබේ.

2025 අයවැය විවාදයට අදාළව ඊයේ (04) බලශක්ති අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් ඔහු සූර්ය විදුලි බලය මෙට්‍රික් ටොන් වලින් වැරදි ලෙස ගණනය කර පාර්ලිමේන්තුව හමුවේ කරුණු සඳහන් කළේය .

විදුලි බලය යනු බලශක්තියකි (energy), එය සාමාන්‍යයෙන් වොට් (watts), කිලෝවොට් (kilowatts), මෙගාවොට් (megawatts) වැනි ඒකක වලින් මනිනු ලැබේ. බලශක්තිය ප්‍රමාණයක් ගණනය කිරීමට බලය (power) සහ කාලය (time) යන දෙකම සලකා බැලිය යුතුයි, එවිට එය කිලෝවොට්-පැය (kWh) හෝ මෙගාවොට්-පැය (MWh) වැනි ඒකක වලින් ප්‍රකාශ වන බව ප්‍රසිද්ධ කාරණයකි.

නමුත් මෙට්‍රික් ටොන් යනු ස්කන්ධය (mass) මැනීමට භාවිතා වන ඒකකයකි, වෘත්තීයෙන් ඉංජිනේරුවකු ලෙස සඳහන් කර ඇති අමාත්‍යවරයා එතරම් සරල කරුණක් සම්බන්ධව පවා අවධානයක් නොමැතිව සිටීම විවේචනයට බඳුන්ව තිබේ.

එසේම පසුගිය ආණ්ඩුව යටතේ ඉදිකිරීම් ඇරඹි ඇඹිලිපිටිය චන්‍ද්‍රිකා වැව සහ කිරිඉබ්බන් ආර පාවෙන සූර්‍ය විදුලි බලාගාර තමන් විසින් ඇරඹි බව හැඟෙන ආකාරයට පාර්ලිමේන්තුවේදී කරුණු දැක්වීම සම්බන්ධවද අමාත්‍යවරයාව විවේචනයට ලක්ව තිබේ.

Previous articleදේශබන්දු තවමත් අතුරුදන් – වැලිගම සිද්ධිය සම්බන්ධයෙන් මූලස්ථාන පොලිස් පරීක්ෂකටත් වරෙන්තු
Next articleරට ගැන IMF වෙතින් සුබ ආරංචියක්!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here