Home අද දේශබන්දු තවමත් අතුරුදන් – වැලිගම සිද්ධිය සම්බන්ධයෙන් මූලස්ථාන පොලිස් පරීක්ෂකටත් වරෙන්තු

දේශබන්දු තවමත් අතුරුදන් – වැලිගම සිද්ධිය සම්බන්ධයෙන් මූලස්ථාන පොලිස් පරීක්ෂකටත් වරෙන්තු

35
0

වැලිගම ප්‍රදේශයේ සංචාරක හෝටලයක් ඉදිරිපිට දී සිදු වූ වෙඩි තැබීමකින් පොලිස් සැරයන්වරයකු ජීවිතක්ෂයට පත්ව තවත් පොලිස් නිලධාරියෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධව වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් කුමාර මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර වැඩ බලන මහෙස්ත්‍රාත් උපාලි රණසිංහ මහතා වරෙන්තු නිකුත් කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ඉදිරිපත් කරන ලද සවිස්තරාත්මක වාර්තාවක් සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබේ.

අධිකරණ නියෝගය මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පොලිස් ස්ථානාධිපතිවරයා ගේ නිවසට සහ නිල නිවසට ගොස් පරීක්ෂා කර ඇතත් පොලිස් ස්ථානාධිපතිවරයා ඒ අවස්ථාවේ එහි සිට නොමැත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස මාතර අධිකරණය පසුගියදා නියෝග කළ ද මෙතෙක් ඔහුව අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොහැකි වී ඇත.

දේශබන්දු තෙන්නකෝන් මහතා රැඳී සිටි බව කියන ඔහුගේ නිවස නිල නිවස සහ තවත් නිවාස හා ස්ථාන ගණනාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පරීක්ෂාවට ලක් කළද ඒ කිසිදු ස්ථානයකින් ඔහුව මෙතෙක් සොයා ගැනීමට නොහැකි වී තිබේ.

Previous articleඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමයේ සාමාජිකයන් දෙදෙනෙකු අපරාධ පරීක්‍ෂණය දෙපාර්තමේන්තුවට!
Next articleඅනුන්ගේ ළමයින්ට නම් දීලා – විදුලිය මෙට්‍රික් ටොන් වලින් මැනලා : ඇමති ඉංජිනේරු කුමාර යළිත් කරළියේ !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here