Home අද රිලවුන්ට ගැලවිල්ලක් නැති වෙයි : රට පුරා රිලා සංගණනයක් සඳහා කෘෂිකර්ම අමාත්‍යංශය...

රිලවුන්ට ගැලවිල්ලක් නැති වෙයි : රට පුරා රිලා සංගණනයක් සඳහා කෘෂිකර්ම අමාත්‍යංශය සැරසෙයි !

75
0

රට තුළ රිලවුන් වඳුරන් දඬුලේනුන් හා මොනරුන් සංගණනයක් සිදුකිරීමට කෘෂිකර්ම අමාත්‍යංශයේ තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මෙරට සියලුම ග්‍රාම නිලධාරී වසම් පදනම් කරගෙන මෙය පැවැත්වීමට සංවිධානය කරමින් ඇත.

ඒ යටතේ මාර්තු පහළොස්වෙනිදා දින පැවැත්වීමට මෙය සිදුකිරීමට සැලසුම් කර ඇති අතර ඊට අදාළ උපදෙස් නිලධාරීන් වෙත යොමු කර ඇත.

ඒ අනුව උදෑසන එක් නිශ්චිත කාලයක් තුල තම පරිශ්‍රය නිරීක්ෂණය කර එම අවස්ථාවේ එහි සිටින වන සතුන් ගණනය කර තොරතුරු පත්‍රිකාවේ සටහන් කරන ලෙස උපදෙස් ලබා දී තිබේ.

වන සතුන්ගෙන් දිගින් දිගටම සිදුවන හානිය පාලනය කිරීමට පුළුල් වැඩපිළිවෙළක් සකස් කිරීමේ මූලික පියවරක් ලෙස මෙම කටයුත්ත සිදු කරන බව පවසා ඇතැයිද දැනගන්නට ඇත

Previous articleපරණ බස් එකක් හදලා ධාවනයට එක්කරයි : විවෘත කිරීමට නලින් හේවගේ යයි !
Next articleරටවල් 3කට යන්න ලක්ෂ 18 ලු : ජනාධිපති ෆුඩ්බෝඩ් ද ගියේ – දිලිත් අහයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here