Home අද ආරක්ෂක සේවයෙන් පැනගිය 5000ක් අල්ලන්න රටපුරා මෙහෙයුම්

ආරක්ෂක සේවයෙන් පැනගිය 5000ක් අල්ලන්න රටපුරා මෙහෙයුම්

3
0

ආරක්ෂක අංශවලින් පලා ගොස් සිටින සාමාජිකයන් පන්දහසක් අත්අඩංගුවට ගැනීම සඳහා රට පුරා මෙහෙයුම් මේ වන විට ආරම්භ කර ඇත.

දිනෙන් දින ඉහළ යන පාතාල ක්‍රියාකාරකම් වලට ආරක්ෂක අංශවලින් පැන ගිය සාමාජිකයන් විශාල පිරිසක් සම්බන්ධ වී සිටින බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

මංකොල්ලකෑම්, මිනී මැරුම්, කප්පම්ගැනීම්. මත්ද්‍රව්‍ය ජාවාරම් ආදී අපරාධවලට ආරක්ෂක අංශවලින් පැන ගිය සාමාජිකයන් සෘජුවම සම්බන්ධ බවට තොරතුරු අනාවරණය කරගෙන ඇත.

ඒ අනුව එම සාමාජිකයන්ගේ සියලු තොරතුරු ඔවුන් පදිංචි ළඟම පොලිස් ස්ථාන වෙත යවා තිබේ .

පොලිස් ස්ථාන වෙත ලබාදී ඇති එම තොරතුරු පදනම් කරගෙන තම පොලිස් බල ප්‍රදේශයේ පදිංචිව සිටින ආරක්ෂක අංශවලින් පැනගිය සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට වහා පියවර ගන්නා ලෙස පොලිස් මූලස්ථානය සියලු පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය

Previous articleබලශක්ති ඇමති ඉංජිනේරු කුමාර විදුලි ගාස්තු වැඩි කිරීමේ සූදානමක !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here