Home අද ජාතික ආරක්ෂාව තහවුරු රටේ ජනපතිගේ ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් : බුද්ධි අංශ අනතුරු...

ජාතික ආරක්ෂාව තහවුරු රටේ ජනපතිගේ ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් : බුද්ධි අංශ අනතුරු අඟවයි !

5
0

ජනහමු වලදී ජනතාවට අතරට යෑම හමුවේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජනයක් තිබෙන බව රාජ්‍ය බුද්ධි අංශ අනතුරු අඟවා තිබේ.

එය ජනාධිපතිවරයාට දැනුම් දී තිබෙන බවද වාර්තා වන අතර මව්බිම පුවත්පත විසින් මෙම අනාවරණය සිදුකර ඇත.

එහි වැඩිදුරටත් සඳහන් වන ආකාරයට විශේෂයෙන්ම රටේ පවතින පාතාල ක්‍රියාකාරකම් ඇතුළු යම් යම් ක්‍රියාකාරකම් ක්‍රමිකව වර්ධනය වීමක් දක්නට ලැබෙන අතර එම පාතාල ක්‍රියාකාරකම් පිටුපස වෙනත් බලපෑමක් පවතින්නේ යැයි ද ආරක්ෂක අංශවලට සැකයක් ඇති ව තිබේ.

ඒ හේතුවෙන් බුද්ධි අංශ පාතාල ක්‍රියාකාරකම් පිටුපස කවුරුන් සිටින්නේදැයි සොයා බැලීම සිදු කරන බව ද වාර්තා කර තිබේ.

එසේම අදාළ පුවත් වාර්තාව මෙසේද සඳහන් කර ඇත. එනම්,

ජනාධිපති අනුර කුමාර දිසානායක පූර්වගාමී ජනාධිපතිවරුන්ගෙන් ඔබ්බට ගොස් ජනතාව සමීපයටම පැමිණ රැස්වීම් පැවැත්වීම හා ඔවුන් සමග සුහදව කතා කිරීම පසුගිය දිනවල දක්නට ලැබිණි.

ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට මෙම පිළිවෙත සුදුසු නැති බවට ඇතැම් විචාරකයන්ද අදහස් දක්වා තිබිණි.

ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නැති බව පැවැසූ නමුත් බොහෝ පාර්ශ්වවල මතය වී ඇත්තේ මේ මොහොතේ ජනාධිපතිවරයාගේ ආරක්ෂාව පිළිබඳව සහතිකයක් ලබා දීමට නම් ඔහුගේ ආරක්ෂාව දැඩි ලෙස තහවුරු කළ යුතු බව ය.

එම හේතුවෙන් ආරක්ෂක අංශවල උපදේශය වී ඇත්තේ ජනාධිපතිවරයා ජනතාව සමීපයට යෑම අවම කරන ලෙස බව ද වැඩිදුරටත් වාර්තා වේ” යනුවෙනි.

කෙසේ වුවත් ජනාධිපති අනුර දිසානායක පසුගියදා දළදාව වැඳ පුදා ගැනීමට මහනුවර ගිය අවස්ථාවේ පවසා සිටියේ ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බවයි.

Previous articleඥානසාර හිමිට ඇප ලැබෙති !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here