චීනයේ ෂැන්ඩොං ප්‍රාන්තයේ පිහිටි සමාගමක් සැප්තැම්බර් මාසය අවසන් වන විට එම සමාගමේ සේවකයින් තනිකඩව හෝ දික්කසාදව සිටියහොත් සේවයෙන් පහ කරන බවට නිවේදනය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
South China Morning Post හි වාර්තාවකට අනුව, Shandong Shuntian Chemical Group Co. Ltd, නම් එම සමාගම එහි 1,200ක් පමණ වන සේවකයින්ට දැනුම් දීමක් නිකුත් කරමින් පවසා ඇත්තේ, ඔවුන් හොඳින් රාජකාරී කර පවුලක් වශයෙන් ස්ථාපිත විය යුතු බවයි. ඒ අනුව දික්කසාද වූවන් ද ඇතුළුව වයස අවුරුදු 28-58 අතර තනිකඩ සේවකයන්ට මේ වසරේ සැප්තැම්බර් මාසය අවසන් වන විට විවාහ වී පදිංචි විය යුතු බව එම ආයතනය දැනුම් දී තිබේ.
සැප්තැම්බර් අග වන විට ඔවුන් තනිකඩව සිටියහොත් ඔවුන් සේවයෙන් පහ කරන බව පවසා ඇති අතර මෙම තීරණය ගැනීමට හේතුව ලෙස පෙන්වා දෙන්නේ, “උත්සාහය, කරුණාව, පක්ෂපාතීත්වය, පුත්‍ර භක්තිය සහ ධර්මිෂ්ඨකම” වැනි ආත්මීය සහ සංස්කෘතික වටිනාකම් ප්‍රවර්ධනය කිරීමයි