Home අද ගණේමුල්ල සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් ඉෂාරාගේ මව සහ සහෝදරයා අත්අඩංගුවට

ගණේමුල්ල සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් ඉෂාරාගේ මව සහ සහෝදරයා අත්අඩංගුවට

11
0

ගනේමුල්ලේ සංජීව ඝාතනය සඳහා අනුබල දුන් බව කියන ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නැමැති කාන්තාවගේ මව සහ බාල සහෝදරයා කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

කටුවැල්ලේගම. මීගමුව ලිපිනයේ පදිංචි 23 හැවිරිදි සිංහපුර දේවගේ චමින්ද තිවන්ක සහ ඔහුගේ මව වන 48 හැවිරිදි සේසත්පුර දේවගේ සමන්ති යන අය මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් දැන සිටියත් ඒ සම්බන්ධව තොරතුරු වසන් කර අපරාධයට අනුබල දීම යන චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටින මෙම සැකකරුවන්ගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරගෙන යන බව කොළඹ අපරාධ කොට්ඨාසයේ ජේෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

මෙම අපරාධයට සම්බන්ධ බව කියන සැකකරුවන් දස දෙනෙකු පමණ මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව ද එම නිලධාරියා අනාවරණය කළේය

Previous article2025 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද
Next articleගණේමුල්ල සංජීව ඝාතකයාගේ කන් අඩි පුපුරලා – නීතිඥයින් අධිකරණයට දැනුම්දෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here