Site icon Newshub

ගණේමුල්ල සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් ඉෂාරාගේ මව සහ සහෝදරයා අත්අඩංගුවට

ගනේමුල්ලේ සංජීව ඝාතනය සඳහා අනුබල දුන් බව කියන ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නැමැති කාන්තාවගේ මව සහ බාල සහෝදරයා කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

කටුවැල්ලේගම. මීගමුව ලිපිනයේ පදිංචි 23 හැවිරිදි සිංහපුර දේවගේ චමින්ද තිවන්ක සහ ඔහුගේ මව වන 48 හැවිරිදි සේසත්පුර දේවගේ සමන්ති යන අය මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් දැන සිටියත් ඒ සම්බන්ධව තොරතුරු වසන් කර අපරාධයට අනුබල දීම යන චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටින මෙම සැකකරුවන්ගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරගෙන යන බව කොළඹ අපරාධ කොට්ඨාසයේ ජේෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

මෙම අපරාධයට සම්බන්ධ බව කියන සැකකරුවන් දස දෙනෙකු පමණ මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව ද එම නිලධාරියා අනාවරණය කළේය

Exit mobile version