නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා විසින් සමගිජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහණී කවිරත්න මහත්මිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය කිසි ලෙසකින්වත් අනුමත නොකරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවාය.
රෝහිනී කවිරත්න තම නම වෙනස් කරගෙන ඇති බව පුවත්පත් දැන්වීමක පළ කර ඇතැයි සඳහන් කරමින්, හේවගේ නියෝජ්‍ය ඇමතිවරයා අදහස් පළ කළේය.
නලින් හේවගේ නියෝජ්‍ය ඇමතිවරයා සිදු කළ එම ප්‍රකාශය පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවෙන්ද ඉවත් කිරීමට පියවර ගන්නා බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඒ මොහොතේම මූලාසනයේ සිටි මන්ත්‍රීවරයාගෙන් ඉල්ලීමක් කළේ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එය ඉවත් කිරීමට කටයුතු කරන මෙන් කළ ඉල්ලීමක් අනුවය.
නියෝජ්‍ය ඇමතිවරයා එවැනි ප්‍රකාශයක් නොකළ යුතුව තිබූ බව අග්‍රාමාත්‍යවරිය අද පැවති වැඩසටහනකට එක් වෙමින් පැවසුවාය.
” මම හිටියේ නෑ ඒ අවස්ථාවේ. නමුත් ඒ අවස්ථාවේදීම නලින් ද ජයතිස්ස ඇමතිවරයා වහාම ඒක ප්‍රතික්ෂේප කළා. ඒක නිවැරදි කරන්න මැදිහත් වුනා අපේ කෙනෙක් කියලා වැරදි දේ හරි කියන්න අපි උත්සහ කරන්නේ නැහැ. ඊයේ සිද්ධ වෙච්ච දේ එහෙම නොවුනානම් හොඳයි ” යැයි අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.
නියෝජ්‍ය ඇමතිවරයාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් අමාත්‍ය නලීන් ද ජය තිස්ස මෙන්ම සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා යන මහත්වරු පාර්ලිමේන්තුවේදී විරෝධය පළ කළහ.