Home අද සිරසේ චන්දන ජනපති මාධ්‍ය උපදේශක කරයි : අනුරුද්ධටත් අධ්‍යක්ෂ ධූරයක් !

සිරසේ චන්දන ජනපති මාධ්‍ය උපදේශක කරයි : අනුරුද්ධටත් අධ්‍යක්ෂ ධූරයක් !

5
0

ජනාධිපති උපදේශක (මාධ්‍ය) ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර පත් කර තිබේ.

No description available.

මේ අතර ජනාධිපති මාධ්‍ය අංශයේ, ජාත්‍යන්තර මාධ්‍ය සහ උපායමාර්ගික සන්නිවේදන අධ්‍යක්ෂ ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී අනුරුද්ධ ලොකුහපුආරච්චි පත් කර ඇත.

No description available.

එම මහත්වරු අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.

ප්‍රවීණ මාධ්‍යවේදියෙක් වන චන්දන සූරියබණ්ඩාර සිරස ලක්ෂපති වැඩසටහන හරහා ඉතා ජනප්‍රිය විය. එසේම ඔහු මහරාජා මාධ්‍ය ජාලයේ ප්‍රධානියකු ලෙසද කටයුතු කළේය.

අනුරුද්ධ ලොකුහපුආරච්චි මහතා ජාත්‍යන්තර රොයිටර් ප්‍රවෘත්ති සේවයේ දශක දෙකකට ආසන්න කාලයක් සේවය කරමින් සිටි අතර කාලයක් තිස්සේ විදෙස්ගතව සිට පසුගියදා මෙරටට පැමිණියේය.

Previous articleසෞඛ්‍ය වෘත්තීය සමිති කළුපටි බඳිති : ආණ්ඩුවට සතියක් දෙයි : ඉන් පසු වෘත්තීය ක්‍රියාමාර්ග !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here