ජර්මනියේ පැවති මැතිවරණයෙන් එරට කන්සවේටිව් පක්ෂය ජයගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව එම පක්ෂයේ නායක ෆ්‍රෙඩ්රික් මර්ස් ජර්මනියේ මීළඟ චාන්සලර්වරයා ලෙස පත්වීමට නියමිත බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ජර්මනියේ මැතිවරණය ඊයේ (23) දිනයේ පැවැත්වූ අතර ඒ සඳහා මිලියන 60කට ආසන්න ඡන්ද දායකයින් ප්‍රමාණයක් සුදුසුකම් ලබා තිබුණි.
ෆ්‍රෙඩ්රික් මර්ස්ගේ පක්ෂය 28%ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් මැතිවරණයේ ඉදිරියෙන් පසුවන අතර ඡන්ද 20. 5%ක් ලබාගෙන ඇති “ජර්මනිය සඳහා වන අන්ත දක්ෂිණාංශික විකල්ප පක්ෂ” දෙවන ස්ථානයට පත්ව තිබෙන බවද සඳහන් වේ.
මේ අනුව ජර්මනියේ සභාග ආණ්ඩුවක් ඉදිරියේ දී පිහිටුවනු ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.