Home අද ඒ හීනෙත් කුඩු – වාහන ආනයන බදු අඩුවීමක් ගැන කිව්වේ : මුදල්...

ඒ හීනෙත් කුඩු – වාහන ආනයන බදු අඩුවීමක් ගැන කිව්වේ : මුදල් නියෝජ්‍ය ඇමතිට වැරදිලා !

17
0

ඉදිරියේදී මෝටර් රථ ආනයන බදු අඩුවිය හැකි බවට තමන් මීට පෙර සිදුකළ ප්‍රකාශය වෙනස් විය යුතු අතර, තමන් එහිදී අදහස් කළේ ඉල්ලුම – සැපයුම අනුව මෝටර් රථ මිල ගණන් වෙනස් වීමට ඉඩ තිබෙන බව යැයි,කම්කරු අමාත්‍ය, මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසයි.

මාධ්‍ය වෙත ප්‍රකාශයත් නිකුත්කරමින් ඔහු මේ බව පැවසූ අතර දැනට පනවා ඇති බදු ප්‍රතිශත වෙනස් කිරීමේ කිසිඳු තීන්දුවක් රජය මෙතෙක් ගෙන නොමැති බවද පැවසීය.

ඒ අනුව වාහන ආනයනය සඳහා වත්මන් ආණ්ඩුව විසින් පැනවූ අතිවිශාල බදු ප්‍රතිශත වෙනස් වීමක් සිදු නොවේ.

කෙසේ වුවත් ජාතික ජනබලවේගය පක්ෂය පසුගිය මැතිවරණ සමයේ ප්‍රකාශකර සිටියේ VITS සාමාන්‍ය මෝටර් රථයක් රුපියල් ලක්ෂ 12 ක් වැනි මුදලකට මිලදී ගැනීමට හැකියාව ලබාදෙන බවයි.

මෝටර් රථ මිල ඉහළ යාම පාලකයන් ගේ තක්කඩිකම නිසා සිදුවන්නක් බවද එහිදී ප්‍රකාශ කෙරිණි.

Previous articleගනේමුල්ලේ සංජීව ඝාතනයට තවත් පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට!
Next articleරෝහිණී මන්ත්‍රීවරියට අපහාස කරමින් නි.ඇ. නලින් හේවගේ මාලිමාවේ දැලි ගායි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here