Home අද වෛද්‍යවරු රට හැර ගියොත් රෝහල්වල වැඩ ඇමතිවරු භාරගත යුතුයි – GMOA අනතුරු...

වෛද්‍යවරු රට හැර ගියොත් රෝහල්වල වැඩ ඇමතිවරු භාරගත යුතුයි – GMOA අනතුරු ඇඟවීමක්.

19
0

“අපිට වුවමනා අයට අපි වැඩියෙන් දෙනවා. අඩුවෙන් දෙන්න ඕන අය කවුද කියලා තීරණය කරන්නේ අපි. ඒ ගැන කතා කරන්න කාටවත් අයිතියක් නැතැයි” ප්‍රකාශ කළ කෘෂිකර්ම ඇමැති ලාල් කාන්තට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැඩි විරෝධය පළ කර ඇත.

ලාල් කාන්ත ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී කර ඇති මෙම ප්‍රකාශය ආණ්ඩුවේ නිල ප්‍රකාශය ද යන්න පිළිබඳව වහාම රටට ප්‍රකාශයක් කරන ලෙස එම සංගමය ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.

ලාල් කාන්ත ඇමතිවරයාගේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ ඉන්න බැරිනම් යන්න වැනි අදහසක් බවත් ඔහු කියන පරිදි වෛද්‍යවරුන්ට රට හැරයා හැකි නමුත් එසේ ගිය දවසට රටේ රෝහල්. ශල්‍යාගාර. බාහිර රෝගී අංශ. ආණ්ඩුවේ ඇමතිවරුන්ට බලා ගැනීමට සිදු වනු ඇති බවට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.

විශේෂඥ වෛද්‍යවරුන්.වෛද්‍යවරුන්. සෞඛ්‍ය වෘත්තිකයන්. රට තුළ සිටිය යුතු බව මෙන්ම ඔවුන් වෙනුවෙන් සුදුසු පරිසරයක් රට තුළ නිර්මාණය කළ යුතු බව මාලිමා ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වුවත් ලාල් කාන්තගේ ප්‍රකාශය එම ප්‍රතිපත්තියට පටහැනි බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ප්‍රකාශ කරයි.

වෛද්‍යවරුන් සම්බන්ධව ඇමති ලාල් කාන්ත සිදුකර ඇති ප්‍රකාශය සුළු කොට තැකිය නොහැකි බවත් ඒ සම්බන්ධව ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ ස්ථාවරය කුමක්දැයි වහා රටට ප්‍රකාශ කළ යුතුව ඇති බවත් විජේසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටී.

Previous articleපාර්ලිමේන්තු කාරක සභා සඳහා විපක්ෂයේ නියෝජනය වැඩි කිරීමේ සාකච්ඡාවක් !
Next articleපාර්ලිමේන්තුවේ 224ටම යළි පොලිස් ආරක්ෂාව!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here