එල්.ටී.ටී.ඊ සංවිධානය ඇතුළු ත්‍රස්තවාදී සංවිධාන 15 ක් තහනම් කරමින් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සම්පත් තුයියකොන්තා මහතාගේ අත්සනින් යුතු අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
මෙම සංවිධාන පහළවට අමතරව ත්‍රස්තවාදය හා සම්බන්ධ පුද්ගලයන් 222 ගේ නම් ද මෙම ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත්කර තිබේ.
මෙම සංවිධාන වලට අයත් සියලු වත්කම් තහනම් කර ඇති බවද එම ගැසට් නිවේදනය මගින් තහවුරු කර ඇත.
ඒ අනුව මූල්‍ය වත්කම් සහ ආර්ථික සම්පත් තහනමට ලක් කර තිබේ.
ගැසට් නිවේදනය මගින් තහනමට ලක් කරන ලද සංවිධාන පහත දැක්වේ.
1) ද්‍රවිඩ ඊලාම් විමුක්ති කොටි සංවිධානය
2) දෙමළ පුනරුත්ථාපන සංවිධානය
3) දෙමළ සම්බන්ධීකරණ කමිටුව
4) ලෝක දෙමළ ව්‍යාපාරය
5) දේශසීමා ඉක්මවූ දෙමළ ඊළාම් රාජ්‍යය
6) ලෝක දෙමළ සහන සාධක අරමුදල
7) මූලස්ථාන කණ්ඩායම
8) ජාතික තව්හිද් ජමාත්
9) ජමාතේ මිලාතේ ඊබ්‍රාහීම්
10) විලයාත් අස් සෙයිලානි
11)කැන්ඩියානු දෙමළ ජාතික කවුන්සලය
12)ද්‍රවිඩ තරුණ සංවිධානය
13) දාරුල් අදර් අත්තබවියා
14) ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය ව්‍යාපාරය
15) සේව් ද පර්ල්ස්
යන සංවිධාන තහනමට ලක් කර ඇති බව එම අතිවිශේෂ ගැසට් පත්‍රයේ වැඩිදුරටත් සඳහන් කොට තිබේ.