අධිකරණ තුළ සිදු වූ වෙඩි තැබීම පිළිබඳ සති කිහිපයකට පෙර රටේ බුද්ධි අංශ වාර්තා කර තිබූ බවද පාස්කු ප්‍රහාරය අවස්ථාවේ මෙන්ම එම බුද්ධි තොරතුරු අනුව ක්‍රියාත්මක වී නොමැති බව ද ප්‍රහාරය සිදුවන්නට ඉඩ හැර ඇති බව ද රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.
පාර්ලිමේන්තුව අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.
අදාළ ප්‍රහාරය සැලසුම් කළ සිංහපුර දේවගේ ඉෂාරා සෙව්වන්දිගේ නම ද ඇතුළු සියලු තොරතුරු බුද්ධි අංශ වාර්තා කර තිබූ බවත් මෙය දෙවන පාස්කු ප්‍රහාරය බවත් මන්ත්‍රීවරයා කියා සිටියා.
අධිකරණයට පැමිණ ප්‍රහාරය එල්ල කරවා අදාළ කාන්තාව පිටව ගොස් ඇති බවත් ආරක්ෂාවේ කප්පිත්තන් යැයි උදම් ඇනූ පිරිසට ඇගේ මයිල් ගසක්වත් අල්ලා ගැනීමට හැකියාව ලැබී නොමැති බවත් ඔහු ප්‍රකාශ කරයි.
ඝාතනය සිදු කරන ලද වෙඩික්කරුවා අල්ලා ගන්නා ලද්දේ ඔහු පලා යන වාහනයේ අංකයද සහිතව ඩුබාහි සිට ලැබුණු ඔත්තුවකින් බවත් පැවසු වූ අද වනතෙක් අදාළ ඝාතනය මෙරට සැලසුම් කළ කාන්තාව අත්අඩංගුවට ගැනීමට සමත්ව නොමැති බවද පැවසුවේය.
මාදිවෙල පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නිල නිවාස සංකීර්ණය වටා පොලිස් විශේෂ කාර්ය බළකාය ආරක්ෂාව දැඩිකර ඇති බව සමග ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා සඳහන් කරයි.
එමෙන්ම පාර්ලිමේන්තුව සංකීර්ණයට ද පොලිසියේ හා පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව දැඩි කර ඇති බවද ඔහු කියා සිටියා.
ගොඩනැඟිලි වලට ආරක්ෂාව සපයා ඇතත් මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ඉවත්කර ඇති බැවින් පාර්ලිමේන්තු මහ පාරේ ඝාතනය කළහොත් එහි වගකීම සම්පූර්ණයෙන්ම වර්තමාන ආණ්ඩුව භාරගත යුතු බවත් ඒ මහතා කියා සිටියේය.