Home අද ජනපතිගේ නියෝග සත පහකට ගණන් නොගෙන පාතාලයන් වැඩදායි : මීගමුවේදී මහ දවාලේ...

ජනපතිගේ නියෝග සත පහකට ගණන් නොගෙන පාතාලයන් වැඩදායි : මීගමුවේදී මහ දවාලේ වෙඩිතැබීමක් !

699
0

මීගමුව ප්‍රදේශයේ අද (21) දහවල් සිදු කිරීමට ගිය තවත් වෙඩි තැබීමක් ව්‍යාර්ථ ව ගොස් තිබෙන බව වාර්තා වෙයි.

මෙම වෙඩි තැබීම ඉලක්ක වී ඇත්තේ මීගමුව පොලිස් බල ප්‍රදේශයේ කාමච්චෝඩය පොල භූමියේ පිහිටා ඇති වෙළෙඳසැලක හිමිකරුවෙකු බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට චමින්ද හෙවත් මිරිස් ඇන්තනිගේ වැඩිමහල් පුත්‍රයා ඉලක්ක කර මෙම වෙඩික්කරුවන් පැමිණ ඇත.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීමට උත්සාහ දරා ඇති නමුත් එම උත්සාහය ව්‍යර්ථව ඔවුන් පළාගොස් තිබෙන්නේ ගිනි අවිය ක්‍රියාත්මක නොවීමෙනි.

ගනේමුල්ල සංජීවගේ ගෝලයෙකු වූ කමාන්ඩෝ සාලින්ද නම් අයෙකු මෙම වෙළෙඳසැලෙන් කප්පම් මුදල් ඉල්ලා ඇති අතර එය නොදීම හේතුවෙන් මෙම වෙඩි තැබීමට පැමිණ ඇති බවද අනාවරණය වී තිබේ.

එසේම ඊයේ (20) රාත්‍රියේ ජඇළ  පමුණුගම  මෝගන්වත්ත වෙරළ තීරයේ නාඳුනන තුවක්කුකරුවෙකු පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබිණ.

ඝාතනය සිදුකර ඇත්තේ කඩවත ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකු බවට පොලීසිය හඳුනාගෙන තිබේ.

ඝාතනයට හේතුව හෝ ඝාතනය සම්බන්ධව මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය කරගෙන නොමැත.

කෙසේ වුවත් මේ ආකාරයට පාතාල ක්‍රියා සක්‍රීයව තිබෙන්නේ පාතාලය මර්දනය කරන බවට ජනාධිපති අනුර දිසානායක සඵත වී පැය 24ක් ගතවීමට පෙර වීමද විශේෂත්වයකි .

Previous articleගනේමුල්ල සංජීව ඝාතනය : සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්ගේ ජංගම දුරකතනයේ තිබූ දේ මෙන්න !
Next articleදේශපාලන අනුග්‍රහය ඇතිව ක්‍රීඩකයන් සහ මාධ්‍යවේදීන් ඝාතනය වුණා – මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here