Home අද ආණ්ඩුව උතුරටත් කොකා පෙන්වයි : ඉඩම් අහිමි මව්වරුන්ට අගමැතිනිය හමුවෙන්න දීලත් නෑ...

ආණ්ඩුව උතුරටත් කොකා පෙන්වයි : ඉඩම් අහිමි මව්වරුන්ට අගමැතිනිය හමුවෙන්න දීලත් නෑ !

30
0

මහ මැතිවරණ ප්‍රචාරක කටයුතු අතරතුරදී වන්නියේ දෙමළ ජනයාගේ ඉල්ලීම් ලිඛිතවම අගමැතිනිය වෙත බාරදීමට අවස්ථාව තිබුණත් ඇය යළි බලයට පැමිණිමෙන් පසු තම ප්‍රදේශයට පැමිණි අවස්ථාවේ අගමැතිවරිය මුණගැසීමේ අවස්ථාව අහිමි කිරීම සම්බන්ධව යුද පීඩිත දෙමළ මව්වරුන්ගේ විරෝධය ප්‍රකාශයට පත්ව තිබේ.

මුලතිව්, මුහුදුබඩපත්තු ප්‍රාදේශිය සභා ශාලාවේ 2025 පෙබරවාරි 16 වැනිදා පැවැති මැතිවරණ ජය සමරන ජන හමුවකට අගමැතිනි හරිනි අමරසුරිය එක්ව සිට ඇති අතර එහිදී මෙම තත්ත්වයට ඔවුන් මුහුණපා ඇත.

සිය මුල් භුමිය යළි ලබාගැනීම සදහා වසර ගණනාවක් තිස්සේ අරගලයක යෙදී සිටින කේපාපුලව්හි විවේකානන්දන් ඉන්ද්‍රානි මාතාව නොවැම්බර් 16 වැනිදා මුලතිව් මාධ්‍ය සමාජයේ මාධ්‍ය හමුවක් පවත්වමින් චෝදනා කර තිබෙන්නේ, ධිවර අමාත්‍යවරයාගේ ආරාධනයෙන් අගමැතිවරිය හමුවීමට පැමිණියත් අගමැතිනියගේ ආරක්ෂක අංශයේ නිලධාරීන් එක් විනාඩියකට හෝ ඇය මුණ ගැසීමේ අවස්ථාව අහිමි කළ බවටයි.

එහිදී ඇය මෙසේද පවසා ඇත.
“ධීවර ඇමැතිවරයා කිව්වා ඒකට එන්න හමුවෙන්න පුළුවන් කියලා. අවසර අරන් තමයි අපි ආවේ. මෙතනට ආවත් විනාඩියක්වත් කතා කරන්න බැරි උනා. අපි ලියුමක්වත් ගෙනාවේ නැහැ, මොකද එයා 2024 මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයට ආපු වෙලාවේ පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ ජනතාව වන අපි එයාට  ලියුමක් බාර දීලා තිබුනා. ඉතින් දිගින් දිගටම ලියුම් දීලා කිසිම ප්‍රයෝජනයක් නැති නිසා අපි කතා කරන්න ඕන කියන අදහසින් ආවේ. ඒත් විනාඩියක්වත් මුණ ගැහෙන්න දුන්නේ නෑ.”

” සිවරූබන් කියලා කෙනෙක් අගමැතිනියගේ සම්බන්ධීකාරකවරයා ලෙස පත්කර තිබෙනවා. ඔහු සංවර්ධනය ගැන තමයි දිගටම කතා කරන්නේ. කේපාපුලවු ප්‍රශ්නයේ ඉතිහාසය ජාත්‍යන්තරය දක්වාම ගිහින් තියනවා. නමුත් දිස්ත්‍රික් සම්බන්ධිකාරක කේපාපුලවු ඉඩම් ප්‍රශ්නය ගැන හෝ ඉඩම්  නිදහස් කර ගැනීම ගැනත් කිසි දෙයක් දන්නේ නැ. එයාව තමයි දිස්ත්‍රික් සම්බන්ධිකාරක විදිහට දාලා තියෙන්නේ. අපි එයාව හමුවෙන්න විනාඩියක් ඉල්ලුවා. ඒකත් හම්බඋනේ නැ. ඔයාලට යන්න බෑ කියලා අගමැතිනියගේ ආරක්ෂක අංශය අපිව තල්ලු කරා. ඒ නිසා අපිට තවත් රැවටෙන්න බෑ. ඉතින් මේ ඉතුරු අක්කර 59 ඉඩම් ටික ලබාගන්න ජනතාව වන අපිට ඉස්සර වගේ සටන් කරන්න වෙනවා.”

Previous articleමාලිමාවේ ස්වෛරී අයවැය එන්නේ 2029 දී බව චතුරංග කියයි !
Next article“Ne Zha 2” ලොව ඉහළම ආදායම් වාර්තා අතරට !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here