Home අද පාලනය වෙනස් වුනත් සාර්ව ආර්ථික ප්‍රතිපත්තිවල දිශානතිය වෙනස් නොකිරීම සතුටක් – මහ...

පාලනය වෙනස් වුනත් සාර්ව ආර්ථික ප්‍රතිපත්තිවල දිශානතිය වෙනස් නොකිරීම සතුටක් – මහ බැංකු අධිපති

39
0

රටේ පරිපාලනයේ වෙනසක් සිදු වුවද මෙතෙක් පවත්වාගෙන ආ සාර්ව ආර්ථික ප්‍රතිපත්තිවල දිශානතිය වෙනස් නොකර වත්මන් රජයද කටයුතු කිරීම සුභවාදී මෙන්ම සතුටට කරුණක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

2025 අයවැය සම්බන්ධව කොළඹ පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින් මේ බව සඳහන් කළ ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් පසුව ශ්‍රී ලංකාවට සිව්වැනි වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 333 ක මුදලක් ලබා ගැනීමට හැකිවන බව සඳහන් කළේය.

“ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේ අයි. එම්.එෆ්. අයවැයක් බව ඇතැම් අයකියනවා.නමුත් අයි.එම්.එෆ්. අයවැයක් ගැන කතා කලොත් වසර ගණනක් තිස්සේ අයි. එම්.එෆ්. සමඟ සාකච්ඡාවලට සහභාගි වූ අයෙකු ලෙස මට කියන්න පුළුවන් මේ වතාවේ රටක් විදිහට සමස්ත ආර්ථික ස්ථාවරත්වයක් උදෙසා නිවැරදි මාර්ගයේ ගමන් කිරීම සඳහා බාහිර පාර්ශ්ව කරුවන්ට ලබා දී ඇති ප්‍රතිඥාවන් වෙනස් වී නොමැති බව.

පරිපාලනයේ වෙනසක් සිදුවූවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති වල දිශානතිය වෙනස් නොවීම සතුටට කාරණයක් බව කිව යුතුයි ” යැයි මහා බැංකු අධිපතිවරයා තවදුරටත් පැවසීය

Previous articleUPDATE : ගනේමුල්ල සංජීවගේ වෙඩික්කරුවා පැමිණියේ නීතිඥවරයෙකුගේ වෙස් අරන් – පොලිසිය කියන කතාව
Next articleමහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති මාධ්‍ය මඟහැර යයි : රියදුරුට බූරුවා කියා අමතයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here