තම ආණ්ඩුව යටතේ ස්වෛරී ආර්ථිකයක අයවැයක් බලා ගත හැකි වන්නේ 2029 වසරේදී බව නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ පවසයි.
ඔහු මේ බව සඳහන් කර සිටියේ අයවැය දෙවනවර කියවීමේ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනි.
ඉදිරි වසර තුනක කාලය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැඩ සමග වන වැඩසටහනේ ඉදිරියට යන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය .
ජාතික ජන බලවේගයට ආණ්ඩුව භාරදී ඇත්තේ රටේ ස්වෛරීත්වය නැති කිරීමෙන් පසු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය .
කෙසේ වුවත් ජාතික ජනබලවේගය පක්ෂයේ පසුගිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනගත කරන අවස්ථාවේ හෝ මැතිවරණ වේදිකාවේ කිසිඳු අවස්ථාවක එම පක්ෂය මෙවැන්නක් ප්‍රකාශ කළේ නැත